අලුතින් උසාවි සංඛ්‍යාව වැඩි කිරීම අවශ්‍යයි – කොමිෂන් සභාවල කටයුතු ස්වාධීනව සිදු වෙනවා

0
118

අලුතින් උසාවි සංඛ්‍යාව වැඩි කිරීම අවශ්‍යයි. නව විනිසුරුවරු බඳවා ගැනීමට කටයුතු කළ යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුවට අලුතින් නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙනවා යැයි අධිකරණ හා විදේශ රැකියා   අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, අධිකරණ අමාත්‍යාංශය වැයශීර්ෂ විවාදයට එක්වෙමින් අද (20) පාර්ලිමේන්තුවේ දීය.

සිවිල් නඩු විධිවිධාන සංග්‍රහයේ වෙනස්කම් සම්බන්ධයෙන් කමිටු පත් කර තිබෙනවා. ඉදිරියේ දී කමිටු වාර්තා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්න බලාපොරොත්තු වෙනවා.විනිසුරුවරුන්ගේ නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඉන්නේ එකම මතයක. අවුරුදු 10ක වැටුප් වැඩිවීමක් වී නෑ. අවශ්‍ය පූර්ණ අනුමැතිය අගමැතිතුමාගේ කැබිනට් අනුමතිය ලැබී තිබෙනවා. 2018 ජනවාරි සිට කටයුතු සාර්ථක කරගන්න හැකි වෙයි කියලා.

විනිසුරුවරු පාලනය කිරීම අධිකරණ අමාත්‍යාංශයට බාර කටයුත්තක් නොවේ. එයට අධිකරණ සේවා කොමිෂන් සභාව තිබෙනවා. මේ වනවිට 19 සංශෝධනය් යටතේ පත් කළ  ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු ස්වාධීනව සිදු වෙනවා. අද කෝප් කමිටුව සම්බන්ධයෙන් රටේ දෙවැනි පුරවැසියා ලෙස අගමැතිතුමා කොමිෂම හමුවට ගියා. ස්වාධීනව අයිතිය ආරක්ෂා කරන්න වාතාවරණය තියෙනවා.ඉතිහාසය සමඟ බලන කොට රට විශාල පරිවර්තනයකට ලක් වෙලා තියෙනවා.

අධිකරණ ක්ෂේත්‍රය තුළ නඩු ප්‍රමාදය ගැන මතයක් තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව ගැන චෝදනා කරනකොට හිතුවේ නෑ, හිටපු ජනාධිපතිතුමා යටතේ මේ දෙපාර්තමේන්තුව තිබුණේ, කියලා. නීතිපති දෙපාර්තමේන්තුවට අලුතින් නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙනවා. නීතිපතිතුමා සිරිකොතට ගෙනාව කියලා සිසිර මන්ත්‍රීතුමා කිව්වා. ගිය මාසේ 07 වැනිදා පත්‍රිකාවක් ඉදිරිපත් කළා,දූෂණ කටයුතු සම්බන්ධයෙන් අධිකරණ තුනක් යෝජනා කළා. මෙතැන සිරිකොතට නීතිපති ගෙනාවා කියලා, මේ මඩ ගහන එක නවත්වන්න ඕන. ගම්වල අහිංසක මිනිසුන්ගේ කාලය ශ්‍රමය හා මුදල ඉවරයි නඩු ප්‍රමදය නිස. නීතිපති දෙපාර්තමේන්තුවට ස්වාධීනත්වයක් ඇති වී තිබෙනවා. අලුතින් උසාවි සංඛ්‍යාව වැඩි කිරීම අවශ්‍යයි.නව විනිසුරුවරු බඳවා ගැනීමට කටයුතු කළ යුතුයි යැයි ද අමාත්‍යවරිය පැවසී ය.


.news.lk