අල ගෙඩියෙන් රස මවන Amsterdam Chips

0
49

????????????????????????????????????

මීගමුවේ   පදිංචි  නිමල් ගුණසෝම  මහතා  අනෙකුත්   ව්‍යාපාරිකයින්  අතර  හිතදිනාගත්  දක්ෂ  ව්‍යාපාරිකයෙකි.  ව්‍යාපාරික  සමාජයේ  නවකයෙකු  වුවද  ඔහුගේ  නව ව්‍යාපාරයේ  තත්ත්වය  දෙස  බලනවිට   ඉහතකී  කරුණ  සත්‍ය බැව්  පැහැදිළිවේ.
ඔහු  ජනතාවට සපයන්නේ අල  ප්‍රධාන  කොටගත්,  ගුණවත්  හා  රසවත්   ආහාරයකි.
AMSTERDAM  යනු  නෙදර්ලන්තයේ අග නගරයක්  වන අතර  මෙවැනි  ආහාර  සඳහා  ප්‍රසිද්ධියක්   උසුලන  බවත් , ඒ සඳහා  විශාල  ඉල්ලුමක්  පවතින බවත් ඒ නිසා  මේ  නම තම ව්‍යාපාරයට  යොදාගත්  බවත්  ගුණසෝම  මහතා  අප සමග  පැවසීය.  මේ  වනවිට  ඔහු  කොච්චිකඩේ  සහ දළුපත  යන  ස්ථාන වල  අලෙවි  මධ්‍යස්ථාන  දෙකක්   ආරම්භ  කරඇත.  මෙදින  දළුපත  මධ්‍යස්ථානයේ   වැඩෙහි  යෙදී සිටින  අතරතුර   අප සමග  කථාබහක  යෙදුණේ  මෙසේය.

මෙවැනි  ව්‍යාපාරයක්  ආරම්භ  කරන්න  අදහසක්  ආවෙ  කොහොමද?
නිමල් මගේ බෑනා රැකියාව කරන්නේ ඉතාලියේ. එයා ඉතාලියේ  ඉන්න  ප්‍රධාන පෙළේ  සූපවේදියෙක්.   මම එහෙට  ගිය  අවස්ථාවක  ඉතාලියේ  මිලානෝ  කියන  නගරයේ මේ  වගේ  කෑම   වර්ග  සකස්කරන   තැනක  අත්දැකීම  මට  ලැබුණා.. ඒඅනුව  තමයි  ප්‍රථම   වතාවට 2016 මැයි 04 වනදා තමයි   දළුපත දි   මේ  මධ්‍යස්තානය  ආරම්භ  කළේ.
මේ වෙනකොට   මෙවැනි  ස්ථාන  තිබුණත්   පිරිසිඳුව  සහ  විවෘතව  මෙහි  කටයුතු  කරන  නිසා  තමයි  මිනිස්සු  මෙතෙන්ට  ඇදිල  එන්නේ.

ඇයි  මේ  අල ගැනම  අදහස  ආවේ ?
මම   පැති  කිහිපයකින්  බලල  තමයි  මේ  වැඩේට  බැස්සේ. එකක්  තමයි  මේ ආහාරය  මිනිස්  ශරීරයට  ඉතා හිතකර  ‍දෙයක් වීම.  යුරෝපය  වගේ  රටවල්වල  අල   ප්‍රධාන  ආහාරයක්  කුඩා  දරුවන්ට  පවා  දිය හැකි  බඩට  අපහසුවක්  නැති  ආහාරයක්.
ඒ  වගේම  නුවරින්  මට  හොඳ  අල  ගේන්න  හැකියාවක්   තියෙනවා වැඩිදෙනෙක්   මාව  දන්නවා.

කවුද   ඔබට  සහායට  ඉන්නේ,  සහ  ඉදිරි  කටයුතු  කොහොමද  ?
දැනට  හතර  දෙනෙක්   මා එක්ක   වැඩ  කරනවා. ඉදිරියේදි  කුඩාපාඩුව  ප්‍රදේශයේ  ස්ථානයක්  පටන් ගන්නවා.  ඒ නිසා  කීපදෙනෙකුට   රස්සා  අවස්තාවකුත්   සකස්  කරල  දෙන්නත්  පුළුවන්.  මම කල්පනා  කරනවා  මීට වඩා   දියුණු  උපකරණ  යොදාගෙන  විවිධ  අයිටම්   මගින්   තත්වයන්   වෙනස්   කරල   ඉස්සරහට  යන්න.DSC_0021

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

Contact -0771716950


සටහන සහ ඡායා- සැම්සන් ඥානසිරි