අවතැන්වුවන්ගේ සාමකාමි පාගමන කොච්ච්කඩේ පොලිසියෙන් නවතියිද?

0
206

උතුරෙන් මුස්ලිම් ජනතාව පලවා හැර වසර 32කට පසු කිලිනොච්චිය, නාච්චිකුඩා මුස්ලිම් සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ‘අපේ අයිතීන් මුදාගැනීමේ අරගලය’ යන තේමාව යටතේ පා ගමනක් පවත්වා තිබේ.

ඔක්තෝබර් 26 වැනිදා කිලිනොච්චි නාචිකුඩාවෙන් මෙම පා ගමන ආරම්භ විය. පා ගමනට දෙදෙනෙක් සහභාගී වෙති. ප්‍රදේශවාසීන් ද ඔවුන් සමඟ ගමන් කරති. අද පෙරවරු 9 ට පෙරහැර මීගමුවට පැමිණේ. ඔවුන් පිළිගැනීමේ උත්සවයක් මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී ද පැවැත්විමට නියමිතව ඇතැයිද වාර්තාවේ..

වසර 32ක් පුරා අවතැන්ව ඇත් ඔවුන්ගේ නැවත පදිංචි කිරීම් වේගවත්ව සිදුවී නොමැති බවත් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල මුස්ලිම් ජනතාවට කිසිදු සහනයක් ලබාදී නොමැති බවත් එම සංවිධානය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් අද පෙරවරුවේ වාර්තා වුවේ මෙම සාමකාමි ⁣පාගමනට සම්බන්ධව සිටින පිරිසව කොච්ච්කඩේ පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බවය

මේ සම්බන්ධයෙන් මිපුරට අදහස් දැක්වු සමාජ ක්‍රියාකරිකයෙකු වන මුනියර් පවසා සිටියේ පොලිසිය මේ අයට බාධා නොකරනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බවය

මෙම තත්ත්වය තුළ ජනාධිපති කමිටුවක් පත් කරන ලෙස බලකරමින් නියෝජිත පිරිස කොළඹට ගොස් ජනාධිපතිවරයා හමුවී සංදේශයක් බාරදෙන බවද එම සංවිධානය පවසා තිබුණි..

මේ අතර ඊයේ දිනයේදිද කාන්තාවන් දෙදෙනෙකු කළුතරදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලිමින් පාගමන යෙදි සිටියදිය