අවදානම ගැන දන්නා ඇමතිවරිය ඇඳිරි නීතිය ගැන කළ ඉල්ලීම !

0
69

අප අද මුහුණ දි සිටින බරපතල බියකරු තත්වය ගැන තතු දන්නෝ කියා සිටින්නේ මුල සිටම කොරෝනා පාලනය නිසි කළමණාකරණයකින් සිදුනොවිම නිසා දැවැන්ත අර්බුදයක් දැන් රට හමුවේ ඇති බවය.
විෂය ගැන දන්නා සුදර්ශණි වැනි මනා පරිචයක් සහිත අයෙකු පසෙක ජනාධිපතිවරයා විසින් හමුදාව ලොකු කරගෙන කළ වැඩසටහන් දැන් ඒහෙම පිටින්ම ආසාර්ථක බව ඇස්පනා පිටම ඔප්පු වි හමාරය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ‌ මේ ගැන තේරෙන භාෂාවෙන්ම කර්කශ විවේදනයක්ද සිදුකරන ලදි .
ඒහෙත් ජනාධිපති හිතන්නේ හමුදා නැට්ටේ එල්ලුන විට දිව්‍ය ලෝකයට පවා යාහැකි යයි කියාය.
දැන් රට පමා වැඩිය .
එකොවිඩ් පැතිරීම පාලනය කර ගැනීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය තව සති දෙකක්වත් දීර්ඝ කළ යුතු බව තමාගේ පෞද්ගලික මතය යැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දැනටමත් පවසා තිබේ.මේ අතර කොවිඩ් ආසාදිතයන් පන්දහසක් පමණ දෛනිකව වාර්තා වුවත් සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටින බව විශේෂඥ මතය යැයිද ඇය සඳහන් කර තිබුණි.

කොවිඩ් රෝගීන්ගේ සහ කොවිඩ් මරණවල සැලකිය යුතු අඩුවක් පෙනෙන්නට නැති හෙයින් රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා ජනතාව ඒකරාශීවීම වැළැක්වීම තවදුරටත් කළ යුතු බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමාජයේ පවුල් පිටින් කොවිඩ් ආසාදනයවන තත්වයක් පෙනෙන්නට ඇතැයිද කීවාය.

රෝග ලක්ෂණ නැති අය සමාජයේ සිටීම භයානක බවද ඇය පැවසුවාය.

දැනට පවතින කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රට ලොක්ඩවුන් කළද එය රටක් හැටියට දීර්ඝ කාලීනව කළ හැකි දෙයක් නොවන බවත් ඉදිරියේදී ජනතාවට කොවිඩ් රෝගය හමුවේ ඊට අනුගතව සෞඛ්‍යාරක්ෂිතව ජීවත්වීමට සිදුවනු ඇති බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.
මේ අනුව ඇය නිරෝධායන ඇඳිරි නීතිය දිර්ඝ කරන ලෙස ඉල්ලා සිටින්නේ ඇති තතු විද්‍යාත්මකව ඇගයිමකින් පසුව බව ඉතා පැහැදිලිය.
බල්ලාගේ වැඩේ බුරුවාට භාර දිමේ විහිළු සහගත ක්‍රියාවලිය නිසා රට දිනෙන් දින අර්බුදයකට යමින් ඇත්තේ ආපසු කෙසේවත් හැරවිය නොහැකි ආකාරයෙනි.