අවශ්‍යවුවහොත් වන්දි ගෙවීමට වුවත් මාගේ සේවාදායක සූදානමින් සිටින බව smak නිෂ්පාදන ආයතනයේ නිතිඥ චන්දන මහතා මීපුරට කියයි !

0
254
mde

mde

පැණිබීම බෝතලයක් පානය කිරිම හේතුවෙන් රෝහල්ගත කරන්නට යෙදුන නිදහස් වෙළද කලාප සේවිකාවක් පිළිබදව අප විසින් කරන්නට යෙදුන හෙළිදරව් කිරිම් වලට ප්‍රතිචාර දක්වමින් ස්මැක් නිෂ්පාදන ආයතනය විසින් අපගේ විද්‍යුත් තැපැලට ලිපියක් එවා ඇත.
අපගේ වෙබ් අඩවියේ පළවන පුවතක් සම්බ්න්ධයෙන් අදාල පාර්ශවයේ පැහැදිලි කිරිම පළකිරිම  අප මාධ්‍ය සම්ප්‍රදායේ ප්‍රතිපත්තියකි.එබැවින් මෙම පැහැදිලි කිරිම පළකරන ලෙස අදාල ආයතනය විසින් අපගෙන් ඉල්ලිමක් කර නොතිබුනද අපේ ප්‍රතිපත්ති මුලික මාධ්‍ය සම්ප්‍රදාය අනුව යමින් එය මෙසේ පළකරන්නෙමු.
එමෙන්ම මෙහිලා සදහන් කළ යුතු එක් වැදගත් කරුණක්ද වෙයි.
නොවැ 03 වනදා රෝගී තත්වයකට පත්වු නිදහස් වෙළද කලාප සේවිකාවගේ ප්‍රශ්ණය සහ ආයතනයේ ස්ථාවරය ගැන අප එම ආයතනයේ ශිරෝමි නැමැත්තියගෙන් සහ නිෂ්පාදන කළමණාකරු ලක්ෂ්මන් මහතාගෙන් අවස්ථා ගණනාවකදිම විමසා සිටියද ඔවුන්ගේ එකම පිළිතුර වුයේ අපට මේ අවස්ථාවේ වැදගත් වන්නේ රෝගියාගේ තත්වය බවය.
එහෙත් අප ඉතා වගකිමකින් යුතුව කියා සිටින්නේ අදාල ආයතනය විසින් රෝගි වු කාන්තාව පිළිබදව තම වගකීම අංක එකේ තබා කිසිවිටකත් කටයුතු නොකළ බවය.
ඔවුන්ගේ උනන්දුව කුමක්දැයි පහත සදහන් ලිපිය මගින්ද වඩාත් තහවුරු කරනු ඇත.
වෙළද සන්නම් නාමයකට වඩා ජිවිතයක් වැදගත් බව අප තරයේ විශ්වාස කරන්නෙමු.

එෆ්. ගමගේ.
කතෘ, මීපුර පුවත්,
මීපුර පබ්ලිකේෂන්ස්,
2 වන එලිසබත් රැජින මාවත,
තලාදූව,
මීගමුව.
මහත්මයාණනි,

මාගේ සේවාදායක වන, කඩවත, ශාන්ත අන්තෝනි පාර, අංක 57 හි ලියාපදිංචි කාර්යාලය
පිහිටි කන්ටි්‍ර ස්ටයිල් ෆුඩ්ස් පුද්ගලික හි උපදෙස් මත ලියමි.
මාගේ සේවාදායක විසින් වඩාත් ගුණාත්මක හා තත්ත්වාරක්ෂාවකින් යුතුව ස්වකීය නිෂ්පාදන
කටයුතු සිදු කරනු ලබන විධිමත් පාරිභෝගික ආරක්ෂණ ප්‍රතිපත්ති අනුගමනය කරන
සමාගමක් බව ප්‍රථමයෙන්ම සිහිපත් කරනු කැමැත්තෙමි.
කටුනායක ඇවරිවත්ත බස්නැවතුම්පල අසළ පිහිටි වෙළදසැලකින් මාගේ සේවාදායකගේ
ආයතනයෙන් නිෂ්පාදනය කරන ලද බීම බෝතලයක් භාවිත කිරීමෙන් පසු වෙළද කලාපයේ
සේවයේ නියුතු කාන්තාවක් 2016.11.03 දින හෝ ඊට ආසන්න දිනක හදිසියේ අසනීපවී ඇති
බවට ඔබගේ වෙබ් අඩවියේ අතිශෝක්තියෙන් පලකර ඇති අතර, එම සිදුවීම සම්බන්ධ යෙන්
ඔබ විසින් පලකර ඇති පුවත එම සිදුවීම සම්බන්ධ සම්පූර්ණ සත්‍ය තත්ත්වයෙන් දුරස්වූවකි.
එමෙන්ම වෙළඳ කලාප සේවිකාවක් ලෙඩකළ පළතුරු බීම බෝතල් වලට සීල් තබයි ” යන
ශීර්ෂය සහ මාගේ සේවාදායක මෙම සිදුවීම පිළිබඳ නිහඩතාවයකින් පසුවන බවට ඔබ විසින්
පළකරන ලද පුවත්ද සම්පූර්ණ අසත්‍ය පුවත් බවත් ඔබට දන්වා සිටිමි.
වැඩිදුරටත් ඔබට දන්වා සිටින්නේ, මෙම පළතුරු බීම පානය කිරීම මගින් අසනීප වූවායැයි
ඊනියා ප්‍රකාශයක් සිදුකරන කාන්තාව අදාල වෙළදසැලෙන් මිලට ගෙන ඇති පළතුරු බීම
බෝතලයෙන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් පමණක් පානය කිරීම සඳහා මුව තුලට ගෙන ඇති
බවත්, ඉන් පසුව එක්වරම ඇය විසින් එය මුවින් ඉවතට දමා ඇති බවත් , තවදුරටත් එම බීම
පානය නොකල ඇය එම සිදුවීමෙන් පැය තුනකට පමණ පසු රෝහල් ගතව ඇති අතර පසු
දින රෝහලෙන් බැහැරව ගොස් ඇති බවත්ය .
ඔබගේ වෙබ් පුවත් මගින් පළකර ඇති ඡායාරූප මගින් ද ඇය විසින් පෙන්වා සිටින බීම
බෝතලයේ හතරෙන් එකක් (1⁄4- වත් පානය කර නොමැති බව මනාව පෙනීයන බවද ඔබගේ
අවධානයට යොමුකරමි.
විශේෂයෙන් සඳහන් කරනු ලබන්නේ, මෙම කාන්තාවගේ ඊනියා පැමිණිල්ල අනුව, අදාල
වෙළඳසැලේ තිබුණු බීම බෝතල් 13 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් පරීක්ෂා කිරීම
සඳහා රැගෙන ගොස් ඇති බවත්, ඔබගේ පුවත් මගින් දක්වා ඇති පරිදි මෙම වෙළදසැලේ
ඇති සිය ̈ම පළතුරු බීම සීල් තබා ඇති බවට දක්වා තිබුණද මෙම වෙළදසැලේ කිසිදු
පළතුරු බීම බෝතලයක් සීල් තබා නොමැති බවත්ය .තවදුරටත් විෂේශයෙන් සඳහන් කළයුතු වන්නේ, මෙම අදාල බීම බෝතලය සමග මාගේ
සේවාදායක සමාගම විසින් මෙම වෙළදසැලට තවත් බීම බෝතල් 200 ක් පමණ නිකුත් කර
ඇති බවත්, මෙම සිදුවීමට පෙර හා පසු එම බීම බෝතල් තොගයෙන් බීම බෝතල් 180 කටත්
වඩා ප්‍රමාණයක් අලෙවිකර ඇති බවත්, කෙසේ වෙතත් වෙනත් කිසිදු පාරිභෝගිකයෙකු විසින්
මෙවැනි පැමිණිල්ලක් කර නොමැති අතර, කිසිවෙකුට හෝ කිසිදු සංකූලතාවයක් මතුවූ බවට
වාර්තා වී නොමැති බවත්ය.
එමෙන්ම මෙම කාන්තාවගේ සුවදුක් බැලීම සඳහා මාගේ සේවාදායක ආයතනයේ නිළධාරීන්
මීගමුව රෝහලට පැමිණ ඇති නමුත් ඇය විසින් ඇයගේ රෝගී තත්ත්වයට හේ තුව මාගේ
සේවාදායක ආයතනයේ නිෂ්පාදනයක් පරිභෝජනය කිරීම බවට සැක කරන බැවින් ඇය
හමුවීමට අවස්ථාව ලබාදිය නොහැකි බවට රෝහල් බලධාරීන් විසින් දැන්වූ බවද මාගේ
සේවාදායක විසින් මාහට දන්වා එවා ඇත.
එමෙන්ම ඔබට වැඩිදුරටත් දන්වා සිටින්නේ, මේ වන විට මෙම සිදුවීම පිළිබඳව මහජන සෞඛ්‍ය
පරීක්ෂක වරුන් විසින් විමර්ශන සිදුකරමින් පවතින බවත්, එකී විමර්ශන අනුව මාගේ
සේවාදායකගේ නිෂ්පාදන වල යම් දෝෂ යක් පවතින්නේනම් ඒ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු
සඳහා මුහුණ දීමට මෙන්ම අවශ්‍යවුවහොත් වන්දි ගෙවීමට වුවත් මාගේ සේවාදායක සූදානමින්
සිටින බවත්ය.
ඒ අනුව මාගේ සේවාදායකගේ දැඩි ස්ථාවරය වන්නේ, මෙම සිදුවීම මාගේ සේවාදායක
ආයතනයේ නිෂ්පාදනයක් පරිභෝජනය කිරීමෙන් ඇති වූ තත්ත්වයක් නොවන බවයි.
ඔබට තවදුරටත් දන්වා සිටින්නේ, හුදු පුවත් මැවීම සඳහා මාධ්‍ය අවභාවිතයක් සිදු නොකර
තුලනාත්මක ඇගයීමකින් යුතුව පුවත් ප්‍රචාරය කිරීම සඳහා පියවර ගන්නා ලෙයසි. එහිදී මෙම
කාන්තාවගේ පැමිණිල්ලට අනුව එම පුවත ප්‍රචාරය කිරීමට ඔබ විසින් වඩාත් යුහුසු ළු වූවාක්
මෙන්ම විමර්ශන අවසානයේදී මාගේ සේවාදායක ආයතනය නිර්දෝෂී බවට පත්වුව හොත් ඔබ
විසින් මාගේ සේවාදායකගේ වෙළඳ නාමය ප්‍රචාරය කරමින් සිදුකරන ක්‍රියාවලියෙන් සිදුවන
හානිය පිළිබඳව සැළකිලිමත් විය යුතු බවද අවධාරණය කරමි.
එමෙන්ම ඔබ සිදුකරනු ලබන මෙම ක්‍රියාවන් හේතුවෙන් මාගේ සේවාදායකගේ කීර්ති නාමයට
සිදුවන හානිය පිළිබඳව ඔබට එරෙහිව නෛතික පියවර ගැනීම සඳහාද අවශ්‍ය වුවහොත්
පසුබට නොවන බවද වැඩිදුරටත් දන්වා සිටිමි.
ස්තූතියි
මෙයට සේවට ලැදි
නීතීඥ චන්දන ඩයස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here