අවශ්‍ය ම වෙලාවක රටට ලැබෙන ආධාරයක් !

0
152

FB_IMG_1572597565471අවශ්‍ය ම වෙලාවක රටට ලැබෙන ආධාරයක් ගැන බොරු ප්‍රචාර කරන දේශද්‍රෝහීන්ගේ දැනගැනීම සඳහා:

ඇමරිකාව දෙන මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් ණයෙන් සිදු වන දේ මෙන්න:

1. ප්‍රවාහන අංශය දියුණුකිරීම – ඇ.ඩො මිලියන 350යි

2. රාජ්‍ය ඉඩම් පරිපාලන අංශය දියුණු කිරීම – ඇ.ඩො. මිලියන 130යි.

…………………………..
1. ප්‍රවාහන අංශය දියුණු කිරීම යටතේ යෝජිත ව්‍යාපෘති

a – කොළඹ නගාරාසන්නයේ නවීන රථ වාහන තදබද කලමනාකරන ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 160 යි.

මේ යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක රථ වාහන තදබද නිරීක්ශන හා පාලන මැදිරි ඉදිකිරීමට නියමිතයි.

b – මධ්‍යම, සඹරගමු, ඌව සහ නැගෙනහිර පළාත්වල සිට දිවයිනේ ප්‍රධානම වෙළඳපොල සහ අපනයන කලාපය වන බස්නාහිර පළාත දක්වා දිවෙන ප්‍රධාන මාර්ග කි.මී 131ක් ප්‍රතිසංස්කරනය – ඇ.ඩො මිලියන 140 යි.

c – රාජ්‍ය හා පෞද්ගලික බස් රථ සේවය නවීකරනය – ඇ.ඩො මිලියන 50යි.

බස් රථ සඳහා GPS tracking system, රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ද කාලසටහන් ක්‍රම, මගීන් සඳහා smart card යනාදී ව්‍යාපෘති කිරීමට නියමිතයි.
……………….
2. රාජ්‍ය ඉඩම් පරිපාලන අංශ දියුණු කිරීම යටතේ යෝජිත ව්‍යාපෘති

a. වර්තමානය වන විට අඩුපාඩුවක්ව පවතින රාජ්‍ය හා පෞද්ගලික ඉඩම් මැන, ලයිස්තුගත කිරීමේ සහ සිතියම් ගත කිරීමේ ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 90යි.

b. ඉඩම් රෙජිස්ටර් කිරීම ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 19යි
මේ යටතේ වංචාකාරී ලෙස ඉඩම් අත් පත් කරගැනීමේ සහ විකිනීමේ ක්‍රමවේදයන් අහෝසි කිරීමට බලාපොරොත්තු වන අතර පළමු වතාවට එක ඉඩමක් හිමිකරුවන් දෙදෙනෙකුට සහ සම්බන්දයෙන් අයිතිවාසිකම් කීමේ හැකියාවන් නිර්මානය කිරීමට කටයුතු කෙරෙනව

උදා : එකම ඉඩම බිරිඳ සහ සැමියා අතරේ සම අයිතිකරුවන් ලෙස ලියාපදිංචි කිරීම..

d. ඉඩම් තොරතුරු පරිගණකගත කිරීමේ සහ රාජ්‍ය තක්සේරු දෙපාර්තමේන්තුව අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 18යි. (උපුටාගැනීම: පණ්ඩුල නයන බණ්ඩාරගෙනි)