අවසන් සෙල්ෆිය….

0
137

මේ ඡායාරූපයට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබුණා. මේ ඔවුන් අතේ ඇති බෝතලේ තිබූ බීම පානය කිරීමට කලින් ගත් ඡායාරූපයක්.
මේ ඔවුන්ගේ අවසාන ඡායාරූපයයි.

උපන්දා සිට අද වෙන තුරුම මුහුදු වෙරළට ආශ්‍රිතව ජීවත් වෙන කෙනෙක් විදිහට මුහුදේ පාවී එන බොහෝ දේවල් පිළිබඳව අපිට හොඳ අවබෝධයක් ඇත.
මියගිය මහා තල්මසුන්ගේ සිරුරේ සිට ඉතා කුඩා ප්ලාස්ටික් බබල් ඇට මුහුදෙන් වෙරළට ගොඩ ගසා ඇති අයුරු අප දැක ඇත්තෙමු.
ඒ අතර සතුන්ගේ මළ සිරුරු පමණක් නොව මිනිසුන්ගේ මළ සිරුර විය.

අපේ මේ සහෝදර ධීවරයන් පිරිසට මරණය කැඳවූ දියරය ඇති මෙවැනි බෝතල් මුහුදෙන් වෙරළට පාවී ගොඩ ගසා තිබෙනවා අප ඕනෑ තරම් දැක ඇත්තෙමු.
සමහර ඒවා අතිශයින්ම මිල අධික විදේශීය මත්පැන් බෝතල්ය.
ඒ බොහොමයක් මුහුදේ යාත්‍රාකරන මගීන් රැගෙන යන විශාල නෞකාවලින් මුහුදට විසිකරන දේවල්ය.
එහෙත් කිසිම දවසක, මුහුදෙන් වෙරළට පාවෙන හෝ මුහුදේ පාවෙන කිසිවක් පානය කිරීම හෝ ආහාරයට ගැනීම නිසා මෙවැනි අවාසනාවන්ත සිදුවීමක්වූ බවක් මා අසා නැත.

එහෙත් වෙරලට ආසන්න මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට සිදුවන අනතුරු නිසා මුහුදේ පාවී එන ඇසුරුම්වල බහාලු සමහර චොකලට් බිස්කට් වැඩි ආහාර සේම ලොකු ලුණු වැනි දෑ ඒවායේ භාවිතයට සුදුසු බව තහවුරු කරගෙන ආහාරයට ගෙන ඇත.
මුහුදේ පාවී ආ විස්කි බෝතලයක් වුවද, එය විවෘත කර නැතිනම් කෙනෙක් පානය කරන්නට බිය වන්නේ නැත. එහෙත් මුහුදේ පාවීම නිසා බෝතලය ඇතුලේ ඇති පානයට කිසියම් ප්‍රතික්‍රියාවක් විය හැකිය. එබැවින් දැන් පරිස්සම් විය යුතුය.
පෙනෙන ආකාරයට අපේ ධීවර සහෝදරවරුන් පානය කර ඇති බෝතලය තුළ තිබුණේ කිමක්දැයි නිශ්චිතව ඔවුන් නොදැන සිටියා විය හැක.
ඔවුන්ට මේ අවාසනාවන්ත මරණයට මුහුණ දෙන්නට සිදුවී ඇත්තේ ඒ නිසාය.
මේ පිළිබඳව කිසිවෙකුට දොස් තැබිය නොහැක.
එහෙත් අපේ ධීවර සහෝදරු පමණක් නොව ඕනෑම කෙනෙක් මේ පිළිබඳව අවදියෙන් සිටීමේ වැදගත් කමේ පාඩම මේ අවාසනාවන්ත සිදුවීම සමග අප කවුරුත් ඉගෙන ගත යුතුය.
එය මුහුදේ පාවෙන දෙයක්, ඇලක දොලක, ගඟක පාවෙන දෙයක් හෝ අභ්‍යන්තර ජලාශයක පාවෙන දෙයක් වූ විය හැක.
අප ආහාරයට ගන්නේ කුමක්දැයි නොදැන කිසිවක් ආහාරයට නොගත යුතුය.
ධීවර පවුලක දරුවෙකු ලෙස මට මේ ගැන දැනෙන්නේ දරාගත නොහැකි වේදනාවකි.
ඔවුන් විශ්වාස කරන ධර්මය කුමක් වේවා මම මේ අහිංසක ධීවර සහෝදරයන්ට සදාමෝක්ෂුව පතන අතර වේදනාවට පත්ව සිටින ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ට සහනය පතමි.
මෙවැන්නක් කිසි දවසක කිසිම කෙනෙකුට යළි සිදු නොවේවායි පතමි!

අශානෝ
2024.07.04.