අවසර නැති ශ්‍රී ලාංකිකයින්ව ජපනුන්ම ගෙනත් ඇරලවයි

0
85

විවිධ හේතුන් මත ජපානයට ගොස් වලංගු විසා නොමැතිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයින් නිස්දෙදෙනෙකු ඊයේ 22 සවස 2-15 පමණ විශේෂ ගුවන් යානයකින් දැඩි ආරක්ෂාව මත කටුනායක ගුවන්තොටුපොලට පැමිනියේය
ජපානයේ හනිදා ගුවන්තොටුපෙලේ සිට ජපන් ගුවන් සමාගමට අයත්   ජි. එල්. 8835 දරණ මෙම පිටුවහල් කල  ශ්‍රී ලාංකිකයින් තිස් දෙදෙනා විශේෂ ආරක්ෂාව සෞඛ්‍ය ඇතුළු විවිධ රැකවරණ සපයමින් තවත් ජපානයේ හැට හත්දෙනෙකුගෙන් යුතු විශේෂ කණ්ඩායමක් ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොලට පැමිණ ඇත.
මෙම පිටු වහල් කල  ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමට කාන්තාවන් තිදෙනෙකුද සමන් විත වන අතර ජපානයේ හැටහත්දෙනාගේ කණ්ඩායමට එක් වෛද්‍යවරයෙක් හා භාෂා පරිවර්ථනයෙකුද සිට ඇත.
ජපානයේ කාලයක සිට නිති විරෝධි ලෙස වලංගු විසා නොමැති එම රටේ රැදී සිටිම හේතුවෙන් මෙම ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම මෙරටට හදිසියේම පිටුවහල් කර ඇති අතර මෙලෙස පැමිණි මෙම පිරිස කටුනායක ගුවන්තොටුපෙලේ ආගමන විගමන කටයුතු අවසන් විමෙන් පසු ගුවන්තොටුපොලේ  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හා ගුවන්තොටුපොල ආරක්ෂක බුද්ධි තොරතුරු අංශය විසින් ඔවුන් පිළිබද විධිමත් විමර්ශන කටයුතු සිදූ කිරිමට නියමිතව ඇත.
විමර්ශණ කටයුතු අවසන් විමෙන් පසු පිරිස ගුවන්තොටුපොල සෘජුවම මුදාහැරිම හෝ මිගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරමින් සිටින බව ගුවන්තොටුපොල ආරක්ෂක ආරංචි මාර්ග සදහන් කරන ලදී.

ප්‍රියප්‍රේම මාණික්කරත්න