අවුරුදු උන්මාදය හා කුළියාපිටියේ කොරෝනා …

0
97

එක්කෝ මුළු ජීවිතයටම රෙදි නෑද්ද පිරිසකට මෙවර රෙදි මිලදී ගැනීමට ලැබුණු අවස්ථාවකි. නැත්නම් ජීවිතයේ අවසන් වරට රෙදි මිලට ගැනීමට ලැබුණු අවස්ථාවකි. ගම් නියම්ගම් පසුකර ඇවිත් කුළියාපිටිය නගරය දෙවනක් කළේ රෙදි මිලට ගනිමිනි. එක් වෙළෙන්දෙක් සෝපාසයෙන් මාහට පැවසුවේ මෙවර ඇදන් ඉන්නා ඇදුම වුවද ගලවා දුන්නොත් පහසුවෙන් විකුණා ගත හැකි බව ය. ඒ තරමට රෙදි මිල දී ගැනීමේ පිස්සුවක් එහෙමත් නැත්නම් උමතුවක් වැළදී තිබුණි.

සිංහල දෙමළ අවුරුද්ද අවසන් වූ වහා ඒ උමතුවේ ප්‍රතිඵල ලැබෙන්නට පටන් ගත්තේ ය. තැනෙන් තැනින් කොරෝණා රෝගීන් මතු වුණි. නැවතත් විශාල ලෙස රෝගය පැතිරෙමින් පවතින බව වාර්තා විය. කුළියාපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය වාර්තා කළේ තත්ත්වය පාලනයෙන් ගිලිහී යමින් පවතින බවයි. ඊයේ බලධාරීන්ගේ රැස්වීමක් පැවැති අතර අද දින පොලීසිය විසින් අවවාදාත්මක පණිවිඩයක් ප්‍රචාරය කර හරින ලදි. මේ වන විට කුළියාපිටිය නගරය, තුන්මෝදර, බටහිර දණ්ඩගමුව,කණදුල්ල හා පහළ වීරඹුව යන ප්‍රදේශ වසා දමන ලදි.

මිනිස් හැසිරීම් වසංගත තත්ත්වයක දී පාලනය කිරීම රජයේ වගකීමයි. කොරෝනා නිසා සාමාන්‍ය ජන ජීවිතය අඩලා කර ගත යුතු නැතත් අවුරුදු උත්සවය අනතුරුදායක ලෙස සැමරීම වළක්වන පාලනයක් කරා යන්නට රජයට වගකීමක් තිබුණි. එහෙත් ඉබ්බා දියේ දාන්නට ඇසූවිට ඇන්නාවයි කීවා සේ ආශාවන් දමනය නොකළ වගකීම් විරහිත ජනයා පාලනය කිරීමෙන් වැළකී සිටීමට රජය ද යොමු විය.

දැන් ඊට කුළියාපිටියේ සමස්ත ජනතාවම වන්දි ගෙවමින් සිටිති.

(පිලිප් ශාන්තගේ ෆේස්බුක් පිටුවෙනි)