

මීගමුව යනු දේදුණු නගරයකැයි අප එදා සිටිම කිවෙමු. එහෙත් පසුගිය තුල දේශපාලන බලලෝභිත්වය වෙනුවෙන් අන්තවාදය පෝෂණ කළ ඇතැම් නරුම දේශපාලකයන් විසින් මිගමුවේ මේ ආගමික සමගිය බිඳ දැමිමට වරින් වර කටයුතු කළහ.
පාස්කු ප්‍රහාරය එහි තවත් එක් කූට ප්‍රාප්තියකි.



එහෙත් දේදුණු නගරය තුල පැවැති ඒ අපුරු ආගමික සමගිය බිදදමන්නට බෝම්බකරුවන්ට මෙන්ම ඒ බොම්බකරුවන්ගේ දේශිය මෙන්ම විදේශිය හාම්පුතලාටද බැරිවිය.
2021 වසරේ අලුත් අවුරුදු දා උදෑසන සිහළ දමිළ මුස්ලිම් පිරිසක් එක්ව අවුරුදු කෑම මේසයක් පිළියෙල කොට එකට ආහාර ගත් සුන්දර අත්දැකිමක් මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
මිගමුවේ වැඩිම මුස්ලිම් ජාතියකයන් පිරිසක් වාසය කරන පෙරියමුල්ලේදි මේ කටයුත්තට මුලපුරා තිබුනේ ජුඩ් නම් වු අපුරු සමාජ ක්‍රියාධරයෙකි.
එයට සිහල දමිළ මුස්ලිම් සමාජ ක්‍රියාකාරින්ගේද සහය ලැබි තිබුණි