අවුරුදු සමරද්දී අහිංසක සත්තු ගැනත් හිතන්න

0
206

imagesඅපේ රටේ ඉතින් ඕන දෙයක් සමරද්දී සද්දේ නැතිව බෑනේ. දුකටයි සතුටටයි හැම දේටම සද්දේ දාන්ඩ ඕනා. නලා ගහන්ඩ ඕනා ,බෙර ගහන්ඩ ඕනා, ඒ මදිවට ඉතින් රතිඤ්ඤාත් ඕනානේ. රතිඤ්ඤාා කිව්වත් දැන් තියෙන විලාසිතාව නම් සද්දේ වැඩියෙන් ඇහෙන වැඩියෙන්ම මිළ රතිඤ්ඤාා තමයි පත්තු කරන්නේ. මේවා පත්තු කරලා සද්ද දාද්දී ඒ අයට සතුටු වුණාට අපේ සුනඛ යාලුවන්ට නම් ඒක තරම් සතුරුකමක් තවත් නෑ.
ගෙවල් වල ඉන්න සුනඛයෝ වගේම පාරේ ඉන්න අයත් මේ රතිඤ්ඤාා සද්දේ ඇහෙද්දී පණ කඩාගෙන දුවන්නේ එයාලගේ කන් දෙකට ඒක දරාගන්ඩ බැරි හින්දා. අපිට වඩා එයාලගේ කන් වලට ශබ්දය ඇහෙන ප්‍රමානය දහස් ගුණයකින් වැඩියි. ඒ නිසයි සුනඛයෝ රතිඤ්ඤාා වලට බය. මේ බයට සමහර අය ගෙවල් අතහැරලා පාරවල් දිගේ දුවනවා.සමහරු තාප්ප වලින් පැනලා අනතුරු සිදුකරගන්නවා. සුනඛයෝ ඇති කරන අය වගේම එයාලට ආදරේ කරන අය මේ ගැන හොදට දන්නවා. රතිඤ්ඤා දාද්දි සුනඛයෝ කොහේ හිටියත් එයාලා හැංගෙන්ඩ තැනක් හොයාගෙන දුවන හැටි ඔබ මේ වනවිටත් දන්නවා ඇති. ඒ නිසා රතිඤ්ඤාා අපට සතුටක් වුණාට සුනඛයින්ට  වේදනාවක්. ඒ නිසා අනුන්ගේ ගෙවල් වලට රතිඤ්ඤා වීසි කරද්දී ඒ ගැනත් කල්පනා කරන්ඩ ඕනා. ඒ වගේම පුලුවන් තරම් ශබ්දය අඩුවෙන්, ප්‍රමාණය අඩුවෙන් වගේම සුනඛයින්ගෙන් ඈත් කරලා පත්තු කරනවා නම් තමයි හොද.
සුනඛයින්ට විතරක් නෙමෙයි  , අනෙක් සත්තු වුණත් කලබල වෙනවා මේ රතිඤ්ඤාා සද්දෙට. විශේෂයෙන් කුරුල්ලෝ. මනුෂ්‍යයින්ට වුණත් මේ ශබ්දයෙන් කණ පිනවන්නේ නෑනේ. කරච්චලයක් විතරයි.
අපිට එහෙම නම් සුනඛයින්ට කොච්චර අපහසු ඇත්ද මේ රතිඤ්ඤාා සද්දේ ? ඒ නිසා මේ අවුරුදු උත්සව වලදී අවිහිංසාවාදී සතුටක් හැමෝම ලබනවා නම් කොතරම් විටිනව ද?

man-dogs-best-friend-685x320