අවුරුදු 4 ටම ලක්ෂ 100 ක පඩියක් ගන්න ලක්ෂ 1000 ක් වැය කරන්නේ ඇයි?

0
54

Handala1_600px_14_01_20මෑතකදි කාගෙත් කථා බහට ලක්වු කරුණක් වුයේ මෙවර පළාත් සභා ජන්දයට වැය කරන මුදල් සම්බන්ධයෙනි.ඒ නිමල් ලංසා හිටපු ඇමතිවරයා විසින් ලක්ෂ 1000 කටත් වඩා මැතිවරණ සටනට මුදල් විසි කළ යුතු බව පවසා සිටිමත් සමගින්ය.
පළාත් සභා ඇමතිවරයෙකුගේ පඩිය මසකට රුපියල් ලක්ෂ එකාමාරක් වත් වන්නේ නැත.අප එය ලක්ෂ දෙකක්  යැයි ගණනය කරන්නේ නම් වසරකට ලක්ෂ 24 කි.එනම් වසර 4 ක් සදහා ලක්ෂ 96 කි.
තතු මෙසේ වෙද්දි ලක්ෂ 1000 ක් වැය කරනුයේ ඇයි??
පළාත් සභාවේ රහ ඇත්තේ එතැනය.
අප මීට වසර 5 කට පෙර හිටපු ඇමති නිමල් ලංසා ගැන අප සදහන් කළේ ඔහු මීගමුවේ සාමාන්‍ය එජාප පවුලකින් පැමිණි සෙරෙප්පු පැළද පාපැදියකින් යටට දැල් බැනියමක් ඇද මීගමුව මහනගර සභාවට යන එන තරුණයෙකුව සිටි බවය.
එහෙත් ඔහු වේගයෙන් දේශපාලන ඉනිමගෙයි දිග අඩි තබමින් ඉහලට ගියේය. මේ වේගය නිසාදෝ ඔහුට ඉනිමං සැදු බොහෝ දෙනෙකු ගැන ඔහු ට නිනව් ආවේ නැත.
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ ජන්ම දින ගුණ අණුස්මරණ අවස්ථාවේ සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය පවසා සිටියේ දේශපාලනයෙන් ඉහල ගිය  බොහෝ දෙනෙකුට තමන්ට අත දුන්නේ කව්දැයි අමතකව ඇති බවය. ඒ නෝක්කාඩුව කියන්නට ඇත්තේ නිමල් ලංසා ගැන යැයි බොහෝ දෙනෙකු ඉගි කළහ.
කෙසේ වෙතත් දැන් ඇමති ලංසා යනු මීගමුවේ සුපිරි සංචාරකහෝටල් පමණක් 4 කට හිමිකම් කියන්නෙකි.මෙයට අමතරව පාරවල් ඉදිකිරිම් කෂේත්‍රයේ මෙන්ම ප්‍රධාන සැපයුම් ක්ෂේත්‍රයේද විශාල යන්ත්‍ර සුස්ත්‍ර මෙන්ම තවත් බොහෝ ක්ෂේත්‍රවලදි සුපිරි යන්ත්‍ර උපකරණද සහිත වැඩබිම්ද තවත් අනේක විධ ව්‍යාපාරික කටයුතු වලට හිමිකම් කියන්නෙකි.
කෙසේ වෙතත් එළඹෙන පළාත් සභා මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම මුදල් වැය කරන ආණ්ඩු පක්ෂ දේශපාලකයා විය හැක්කේ හිටපු ඇමති නිමල් ලංසා විය හැකි බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙකු මීපුරට පැවසිය.