අශේන් අපට දුන්න අන්තිම පණිවිඩය.

0
576

ashenashen 1ashen 2අශේන් කියන්නේ මීගමුව සා පිතර විදුහලෙන් 2012 වසරේ වානිජ අංශයෙන් විභාගයට වාඩිවෙච්ච සිසුවෙක්….
ඔහුගේ නිසල දේහය මේ වන විට ඔහුගේ නිවසේ අමාරුවෙන් හදාගත්ත ඉඩ කඩක තැන්පත් කරල තිෙයනවා.
ඔහු පවුලේ වැඩිමලා.
ඔහුට බාල තවත් තුන් දෙනෙක් …..
ගෙදර අමාරුකම් කොයිතරම්  තිබුනත් අශේන් ට තිබුනේ පෝසත් හදවතක් .
ඒ හින්ද ඔහු අතදිගහැරලා ඔහුගේ සෙනෙහස කරුණාව ඔහුගේ යහළු යෙහෙළියන්ට පමණක් නෙමෙයි පාසැලෙ ගුරු මැණි පියවරුවරුන්ටත් බෙද්දා.
ඒ හින්දමයි අශේන්ගේ වියෝව ඔහුව ලගින්ම ඇසුරු කරපු කාටවත් දරාගන්න බැරිවෙලා තිෙයන්නේ.

පවුලේ බරට හයිය දෙන්න කියල හිතල යන්න පටන්ගත්තු ගාමන්ට් රස්සාවට එදාත් ගිහින් ඇවිත් හිටියේ.
රෑට වෙසක් බලන්න යමු කියල යාළුවෝ කියද්දි අශේන්ට ඒ ගැන ලොකු උනන්දුවක් තිබුනේ නැ. ඒ හින්ද ඔහු බැහැයි කියල තිබුන .
නමුත් තමන්ගේ සෙනෙහෙවත්ත යාළුවා නැතිව වෙසක් අසිරිය දකින්න යන්න අකැමැති වුන යාළුවෝ මේ ගමන මග ඇරගන්න බෝලවලානේ සිය ඥාති ගෙදරකට ගිහින් හිටපු අශේන්ව කොහොම හරි මේ ගමනට එක් කරගෙන තිබුණා.
ඔවුන්ෙග් ගමනාන්තය මහනුවර දළදා මාළිගාව .
මේ ගමනට යතුරු පැදි 3 ක් එක්වෙලා තිබුනත් ඒවයින් පාරේ යන්න නිසි අවසරය  තිබුන කව්රුත් හිටියේ නැති තරම්.
කොහොම වුනත් ඒක බාධාවක් කර නොගත්තු යෞවනයෝ 6 දෙනෙක් මේ ගමනට සම්බන්ධ වෙලා හිටියා.
මහනුවර ගිහින් අාපහු එන ගමනේදි අශේන් පදවපු යතුරු පැදිය අනතුරකට ලක්වුණා.
ඔහුගේ පිටුපසින් හිටපු මිතුරාගේ අතක් සහ කකුලක් කැඩිලා දැන් එයා කොළඹ ඉස්පිරිතාලේ.
ඒත් තාම එයා දන්නේ නෑ අශේන් ආයේ කවදාවත්ම වෙසක් බලන්න යන්න එන්නෙ නෑ කියල.
ඒ හින්දම තමයි එයා ගෙදර අයට කියල තියෙන්නේ අශේන්වත් කොළඹ ඉස්පිරිතාලේට ගේන්න එතකොට ඉක්මනට සනීප වෙයි කියල.
එත් අනතුරෙන් බරපතල ුතුවාල සහිතව ටිපර් රථයකින් අමාරුවෙන් කෑගල්ල රෝහලට අරන් ගිය අශේන්ගේ හිසට සහ ලය පෙදෙසට සිදුවුන දරුණු තුවාල හේතුවෙන්  එයාට ආදරය කරපු කාටවත් නොදන්වාම සමුඅරන් තිබුනේ ඔහු පණ වගේ ජිවිතය බෙදාගත්තු කව්රුත් අවදි වෙන්නටත් පෙරයි.
ඒ 2013 මැයි 25 වෙනිදා හිමිදිරියයි.