අශෝක ප්‍රියන්තලා වැලි කපද්දී කොප් කමිටු සාමාජික හෙක්ටර් අප්පුහාමි නිහඩ ඇයි ?

0
166

පසුගියදා මාධ්‍ය විසින් අනාවරණය කළ නාත්තන්ඩිය ප්‍රදේශයේ ‘‘තෝරවැටිය’’ නම් රජයට අයත් විශාල පොල් වත්තක නීතිවිරෝධී වැලි ගොඩදැමීම පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා සහ ඔහුගේ ඥාතියෙකු මෙන්ම අධාරකරුවන් සිටින බව දැන් ඒම ප්‍රදේශයේ ජනතාව අතර දැන්  ප්‍රසිද්ධ රහසකි,
වර්තමාන රජය පත්විමත් සමග  නිවාස නොමැති ජනතාවට නිවාස තනාදීම සදහා   රජයට අයත් ඉඩමෙන් අක්කර ගණනක් පවරා ගත් අතර නිවාස සාදා නැති ඉඩම් කොටස් වලින් ඉඩම් ‍ අක්කර 10ක්   වෙන්නප්පුව ප්‍රා.සභාවේ ශිරෝන් ප්‍රනාන්දු මහතා ද ඒ ආකාරයටම  තවත් ඉඩම් අක්කර ප්‍රමාණයක් පා.මන්ත්‍රී අශෝක ප්‍රියන්ත  ද සිය ව්‍යාපාර සදහා යොදාගෙන ඇති බවට  තොරතුරු වාර්තා වේ.
පාර්ලිමේන්තුවට පත්වු විගස   බලය පාවිච්චි   කරමින් රජය සතු ඉඩම් වල ව්‍යාපාර කිරිමට  අවස්ථාව  ලබාගත් අතර මේ ඉඩම්  අවභාවිතාවක් සම්බන්ධයෙන්  මේ වනවිට  පා.මන්ත්‍රී අශෝක ප්‍රියන්තට විරුද්ධව නඩුවක්ද පවතීන බව සැලය.
පසුගියදා  ජාතික මාධ්‍ය නාලිකාවක් මගින් පෙන්වූ නීති විරෝධි වැලි ගොඩදැමිම සිදුකර ඇත්තේද  මෙම ඉඩමක බවද  , මේ අකාරයේ නීති විරෝධී වැලි ගොඩදැමීම්, මේ ප්‍රදේශයේ  තවත් ස්ථාන වල යහමින් සිදුවන බව එම ප්‍රදේශයේ  ජනතාව පවසා සිටිති.
නාත්තන්ඩිය ප්‍රදේශයේ   ජනතාව පවසන්නේ  දැන් ඉතින් හොරු අතරට තවත් හොරු එකතුවී ඇති නිසා කාට පැමිණිලි කරමුද කියායි.
මේ අතර මේවාට විරුද්ධ වීමට කිසිදු නායකයෙකු එක්සත් ජාතික පක්ෂයේ නාත්තන්ඩිය ආසනය තුළදි තවමත් ඉදිරිපත් වී නොමැති බවටත් ජනතාව චෝදනා කරති.
පුත්ලම් දිස්ත්‍රික්කයේ සිටින සන්ධානවාදීන් සමග කරට අතදාගනිමින් ෂේප් න්‍යායෙන් දෙගොල්ලෝම තමන්ගේ නීති විරෝධී ව්‍යාපාර සිදුකරගෙන යන බව සිදුවෙන දේ වලින් පෙනී යන බවත් , එක්සත් ජාතික පක්ෂයේ ජනතා නියෝජිතයින්ගෙන් තමන්   බලාපොරොත්තු වුයේ මෙවැනි දෙයක් නොවන බවට ජනතාව චෝදනා කරති.
නාත්තන්ඩිය හා පුත්තලම් දිස්ත්‍රික්කයේ බොහෝ තැන් වල මේ අකාරයේ නීති විරෝධී, පරිසර විනාශයන් සිදුවන අතර මේවාට එරෙහි වන්නට, වර්තමාන රජය නියෝජනය කරන  පුත්තලම් දිස්ත්‍රික් එජාප  නායකයින් පියවර නොගැනීම ඉතාම  කණගාටුදායක බවද ජනතාව මහත් කළකිරිමේන කියා සිටිති.
මේ අතර වර්තමාන කෝප් කමිටුවේ සාමාජිකත්වය  දරන , පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති  පා.මන්ත්‍රීවරයෙකු වන හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා ද මෙම නීති විරෝධී,පරිසර විරෝධී ක්‍රියාකාරකම් හමුවේ දැඩි නිහඩතාවයක පසුවෙයි.
ඔහු පුත්තලම්  දිස්ත්‍රික් ජනතාවගේ දුගීභාවය සහ උන්නතිය පිළිබදව ඉතාම සංවේදී  කතා  පාර්ලිමේන්තුවේදී සිදුකරන  අතර තමන්ගේ ප්‍රදේශයේ  සිදුවන පරිසර විනාශය සහ තමන්ගේ ආසනයේ සිදුවන නීතිවිරෝධී වැලි ගොඩදැමීම් හමුවේ නිහඩය.
එබැවින් පුත්තලම් දිස්ත්‍රික්කයට ද රන්ජන් රාමනායක කෙනෙක් අවශ්‍යව තිබෙන නමුත්  සිය දෑත් වල වැලි නොගෑවුන පුත්තලම් දිස්ත්‍රික්   දේශපාලන නායකයෙකු  මෙම ජාවාරම් වලට එරෙහි වීමට ඉදිරියට  ආ යුතු බවට ද ජනතාවගේ බලාපොරොත්තුවයි.
අරුමය වන්නේ මේ සියල්ලෝම දැන් වැලිගොව්වන් විමය.

ජසින්තා නිර්මලී

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here