අශෝබන නගරය දැකීම

0
527

ඊයේ හවස් මාගේ විදේශීය මිතුරෙකු   සමග   මීගමුව කොටුව පිට්ටනිය පැත්තේ රවුමක් ගියේ  ඒ  අවටඇති විශේෂ ස්ථාන,ගොඩනැගිලි නැරඹීමටයි. මේ කෙටි සංචාරයේ දී  විදේශිකයෙකුට ඉතා වැදගත් වන ස්ථාන  වෙත ගමන් කරද්දී  ඒ   අවට ඇති  අපිරිසිදු තැන් මෙන්ම, බාධා පිළිබදව ද අවධානය යොමු වුණේ  මෙවැනි තැන්වල තිබිය යුතු සුන්දරත්වය විදින්නට ඉස්පාසුවක්  ඒවායින් නොලැබෙන නිසායි. මාගේ මිතුරා  මීගමුවේ පැරණි උසාවිය අවට ඇවිදින අතර තුරදී , කන්ද උඩ ඇති ලංසි පල්ලියට  මෙන්ම බන්ධනාගාරයට ඇතුළ් වන දොරටුව දෙසටද  ඇවිද ගියේ  ඡායාරූප කීපයක්ද ගනිමිනි. බන්ධනාගාරය දෙසටඇති පැරණි දොරටුව අසල සුනඛ රැළකි. කිසිසේත් එතනින් ඇතුල්වීමටවත්, එතනට සමීප වීමටවත් නොහැක. පසුව ඔහු නැවත  හැරී ආවේය.  කලපූ තීරය ඉතාම අපිරිසිදු මෙන්ම කුණු වලින් වැසීගෙනය. ජලයේ ඇති දුගද මෙන්ම ජලයට එකතු වී ඇති අපද්‍රව්‍ය  හේතුවෙන් වතුර බොහෝ සේ දුගදය.  මීගමුව කාමච්චෝඩයේ පිහිටා ඇති පැරණි මාලු මාකර්ට් එක අවටද සුනඛයන් අයාලේ ගැවසෙන අතර එම ස්ථානයේ ඇති හින්දු කෝවිල අසල ද සුනඛයන් රැදී සිටිති.   විදේශිකයන් නිතරම ගැවසෙන  මේ නගරයේ සුනඛයන් අනවශ්‍ය ලෙස සිටින ආකාරය තවත් තැන් වලදී  දකින්නට ලැබිනි.
ඇත්තෙන්ම මේ ස්ථාන පිරිසිදුව තබාගැනීමේ වගකීමක් ධීවරයන්ට ද ඇති අතර නිලධාරීන් ද මේ සම්බන්ධයෙන් යම් පියවරක් ගතයුතු නොවේ ද?IMG_2154IMG_2153IMG_2155IMG_2206IMG_2207ජසින්තා නිර්මලී