අසරණ සතුන්ගේ දිවි රැකගන්න වෙර දරන වීර කාන්තාව

0
277

අපි මේ කතාකරන්න යන්නේ මුළු ලෝකයටම උතුම් ආදර්ශයක් ලබාදෙන උතුම් පුද්ගලයෙක් ගැන. ඇය නමින් Yang Xiaoyun. වයස අවුරුදු 65ක් වන මේ විශ්‍රාමික පාසල් ගුරුවරිය ජිවත් වෙන්නේ චීනයේ Tianjin (ටියාන්ජින්) නුවර. නමුත් මැයගේ ජීවිතය විශ්‍රාම සුවයෙන් නම් ගතවෙන්නේ නෑ. Tianjin වල තියන මේ ගුරුවරියගේ ගෙදර අසරණ බල්ලන්ට සහ පූසන්ට සෙවන ලබාදෙන ස්ථානයක්. ඇයගේ නිවාස හඳුන්වනු ලැබෙන්නේ “Common Home for Stray Animals” යන නමින්. මේ වනවිටත් මේ ස්ථානයේ පූසන් 200ක් සහ සුනඛයන් 1500ක් පමණ ජිවත් වෙනවා. මේ කටයුතු මේ ආකාරයෙන් සිද්ධ වෙද්දී මැයගෙන් වන තවත් උතුම් කාරණයක් වන්නේ චීනයේ පැවැත්වෙන Yulin නැමති බලු මස් ආහාරයට ගන්නා උත්සවය සඳහා මරණයට කැපවන බල්ලන් සහ පූසන් බේරාගැනීමයි. මේ සඳහා සෑම වසරකම ඇය සැතපුම් 1,652ක් දුර ගෙවාගෙන යුලින් නගරයට ගමන් කරනවා.

අවුරුදු 14ක ඉඳන් සුර්යාලෝකය යන්තමින් මේ ලෝකය දෙස බලන සැනින් ඇය අවදිවන්නේ තම දරුවන් හා සමාන කොට සලකන සතුන්ට අවශ්‍ය ආහාර පාන පිළියෙළ කිරීම සඳහායි. මේ සඳහා ඇයට විශාල කාලයක් ගත වනවා. මේ කාලයේ ඇය සැරසෙන්නේ යුලින් උත්සවය සඳහා ගෙන යන සතුන් බේරාගනිමටයි. කෙතරම් අගහිඟකම් පැවතුනත් ඇය තමන යටතේ සිටින සතුන් රැකබලාගැනීම දිගටම සිදුකරගෙන යනවා. සතුන් සුරැකීමේ ව්‍යාපාර සමඟ කටයුතු කරන ඇය මස් සඳහා ප්‍රවාහනය කරන බල්ලන් පැටවූ ලොරි නතර කර ඔවුනට අවශ්‍ය මුදල් ලබා දී එම සතුන් බේරා ගැනීමටත් කටයුතු කරනවා.

Yang Xiaoyun festival yulin cachorros 02

පසුගිය වසරේදී පමණක් ඇය විසින් බල්ලන් 360 කගේ ජිවිත බේරාගෙන ඇති අතර මේ වසරේදී මේ කටයුතු සඳහා යුවාන් 50,000ක මුදලක් (8,000$) රැස් කර තිබෙනවා.

Yang Xiaoyun Yulin Dog Meat Festival 01

මේ සත් කටයුතු වෙනුවෙන් ඇය තමන්ගේ ජිවිත කාලය තුල බොහෝ කැපකිරීම් සිදු කර ඇති අතරම ඇතැම් අවස්ථා වලදී බලු මස් කෑමට එරිහිව කටයුතු කිරීම නිසා අයගේ ජීවිතය ද අවදානමේ හෙලනවා. මැය පවසන අන්දමට විදි වල ඉබාගාතේ සැරිසරන සතුන්, ආපන ශාලා වල හමුවන සතුන්, විවිධ පර්යේෂණ සඳහා භාවිතා කර අතහැර දැමෙන සතුන්, බොහෝ විට විවිධ වද හිංසා වල ලක්වී සිටිනවා. “ඇතැමෙක් ආබාධිතයි, තවත් සමහරුන්ගේ ඇස් උගුල්ලා දමලා, කටවල් මහලා දාලා, උණුවතුරෙන් පුච්චලා දාලා, කකුල් කඩලා. මං මේ යන ගමන කසිම හේතුවකට නතර කරන්නේ නෑ. දිගටම කරගෙන යනවා.” Yang මහත්මිය පවසා සිටියා.

dog16

මැය කල කැපකිරීම් පිළිබඳව වැඩිදුර යමක් ඔබට මේ විඩියෝවෙන් නැරඹීමේ හැකියාව පවතිනවා.

මෙතුමියගේ Blog අඩවිය,

නොමිනිසුන් අතරේ උත්තම ගණයේ මිනිසුන් සිටින බවට කදිම නිදසුනක් සපයන මෙවැනි උතුම් මිනිසුන්ට  සිරා අපගේ උත්තමාචාරය !

Bildschirmfoto 2015 06 21 um 18

5587fb7669df5උපුටා ගැනිම – sira.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here