අසාාධ්‍යවූ රෝගීයෙක් මීගමු මහ රෝහල ඉදිරිපිට …….

0
84

 

IMG-20201106-WA0009කිසිවෙකුගේ අවධානයට යොමුනොවූ වයසක මිනිසෙකු මිගමුව මහරෝහල ඉදිරිපිට කෙඳිරිගාමින් වැතිර සිටි. වයස අවුරුදු 70 පමණ පෙනුමක් ඇති මොහු රෝහලට පැමිණි රෝගියෙකි.
ඔහුට යන්නට කී බවත්, නමුත් ඔහු නොගිය බවත් ආරක්ෂක නිලධාරියෙකු අප මේ ගැන විමසූ කල පැවසීය. සති දෙකක පමණ කාලයක් තිස්සේ මොහු මේ ස්ථානයේ මෙසේ වැතිර සිටින බව කිහිප දෙනෙක් අප සමඟ පැවසීය.

කෙසේ නමුත් මේ සතෙකු නොවේ.
සතෙකු වුවද ඒ සතා මේ තත්වයේ සිටීනම් කවරෙකු හෝ මැදිහත් වී යමක් කරනු ඇත.
මෙම තැනැත්තාට කාගේ හෝ පිහිටක් නොලැබුනොත් මිය යනු ඇත.
නමුත් ඒ මරණයට ඔබ අප සියළු දෙනා වගතිවයුතු බව කිව යුතුය..
මන්ද මෙසේ මිනිසෙකු කානු පල්ලේ වැටී සිටීමට ඉඩ දී බලා සිටියේ අප වන බැවිනි. එබැවින්,
රෝහල් බලධාරීන් හෝ පොලීසිය මේ ගැන විමසා බලා ඉක්මන් .පියවරක් ගන්නා මෙන් අප අවධාරණය කර කියා සිටිමු.”
සටහන – සැම්සන් ඥාානසිරි

IMG-20201106-WA0005