අහිමිකළ මාතෘ සායනය ඉල්ලා නගරාධිපති දයාන්ට එරෙහිව කොච්චිකඩේ මව්වරු මහපාරට!

0
183

 

IMG-20200208-WA0017IMG-20200208-WA0024IMG-20200208-WA0005වසර 60 ක පමණ කාලයක් තිස්සේ කොච්චිකඩේ නගරසභාවට අයත්ව තිබුනු මාතෘ සායනය මේවනවිට වෙනත් ස්ථානයකට ගෙනයාම නිසා කොච්චිකඩේ නගරයේ මාතෘ සායනයට අදාල ප්‍රදේශ කිහිපයක ජනතාව දැඩි අපහසුතාවයකට ලක්වී ඇත.මේ අනුව අංක 77(උතුරු පල්ලන්සේන ) සහ අංක 78 (කොච්චිකඩේ ) යන ග්‍රාම සේවා වසම් දෙකේ විශාල ජනතාවකට මෙය තදින් දැනෙන ප්‍රශ්ණයක් බවට පත්වී ඇත .අංක 78 කොච්චිකඩේ පමණක් නොව ද.පල්ලන්සේන , උ. පල්ලන්සේන , කටාන , තෝප්පුව, වැලිහේන, මුරුතෑන යන ප්‍රදේශ ගනනාවක ජනතාවට අදාල බව මෙම විරෝධතාවය සඳහා සහභාගී වූ අය පැවසීය .IMG-20200208-WA0010IMG-20200208-WA0025IMG-20200208-WA0027IMG-20200208-WA0028
එසේම 1500ක පමණ පිරිසක් මෙම සායනයේ සේවාව ලබාගන්නා බව ඔවුන් පවසයි . දැනට සුපර්සෝනික් ආයතනය ඉදිරිපිට ඇති නව ගොඩනැගිල්ලට රු. 30,000 කුලියක් ගෙවන අතර ඉඩකඩද මේ සඳහා ප්‍රමාණවත් නොවන බවත් , දුරවැඩි නිසා ඔවුන් අපහසුතාවයට පත්වන බවත් තවදුරටත් පැවසීය .

IMG-20200208-WA0019
ප්‍රධාන ප්‍රශ්ණය වී ඇත්තේ මාතෘ සායනයක් සඳහා වෙන්කල මුදල් කානු සහ පාරවල් සඳහා වෙන්කිරීම බව ජනතාවගේ මෙම ප්‍රශ්ණය වෙනුවෙන් පෙනීසිටින බන්දුල නාඔටුන්න මන්ත්‍රී වරයා පවසයි .

 

මාතෘ සායනට වෙන්කළ මුදල් නිමල් ලංසාගේ මැතිවරණ ප්‍රචාරණයට ?

NImal with MC mps

 

ඒ ගැන විමසා බැලීමේදී දැනගන්නට ලැබුනේ එසේ මිනිස් ජීවිත වලට වඩා කානු සහ පාරවල් ගැන හිතා ඒ සඳහා මුදල් වෙන්කර ඇත්තේ ලංසා ගෘෘප් එක බවයි . මෙහි නාඔටුන්න මහතා ප්‍රකාශකළේ පාරවල් සහ කානු අවශ්‍ය නමුත් මාතෘ සායනය ජනතාවට අත්‍යාවශ්‍ය දෙයක් වන බවයි . එසේම ඔහු ජනතාව විසින් සූදානම් කළ උද්ගෝෂණය ගැන නොදැන සිටි බවද ප්‍රකාශ කරන ලදී .
මිගමුව මහනගර සභාවේම මේ වන විට කාර්යාලයක් පවත්වාගෙන යමින් නිමල් ලංසා බදුගෙවන ජනයාගේ මුදල් මෙන්ම අනෙකුත් ප්‍රතිපාදනද ඔහුගේ මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් පාරවල් සහ කාණුවලට වැය කරමින් සිටි.
කෙසේ නමුත් ජනතාව මෙන්ම නාඔටුන්න මහතාද ඉල්ලා සිටින්නේ ලක්ෂ 40ක්වූ මෙම (ග්‍රාම සේවා වසම් දෙකට ලක්ෂ 20 බැගින් ) ව්‍යාපෘතිය නැවත මාතෘ සායනය සහ අනෙකුත් ජනතාවට අදාල කටයුතු සඳහා වන ගොඩනැගිල්ල වෙනුවෙන් ලබාදෙන ලෙසයි.