ආගමික නිදහසට බාධා කරන්න ජනපති ගෝඨාබය තවත් ඉඩ දෙනවාද ?

0
88

ආගමික නිදහසකිසියම් කිතුණු කණ්ඩායමක් විසින් නත්තල මුල්කොට ගෙන නැගෙහිර පළාතේ බෙදාහරින ලද පත්‍රිකාවක් ගැන විරෝධය පළකරමින් මඩකලපුවේ වැඩවසන අම්පිටියේ සුගන නම් වු ස්වාමින්වහන්සේ නමක් විසින් පරුෂ වචන කියමින් විවිධ චෝදනා එල්ල කරන විඩියෝවක් මේ දිනවල සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අතර එහි ශිර්ෂයේ දැක්වෙන්නේ ඇයි සිංහයලන්ට මෙහෙම කරන්නේ වැනි අදහසකි.
එමෙන්ම මේ පත්‍රිකා බෙදන පිරිසත් සමගින් ලෝගුවක් ඇදගත් පියතුමෙක්ද සිටිනු දිස්වේ .හිමිනම විසින් ඇගිල්ල දිගු කරමින් සිය සුපුරුදු බස සටපට ගා දෙසනුද පෙනේ.
තමන් කැමති ආගමක් ඇදහිමේ නිදහස මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව විසින් සහතික කොට තිබේ. එය (කිතුණුද බයිබලද යන්න ආදල නොවේ .)
රටේ උත්තරිතරම නීතියයි.
ඒ නීතිය කැඩිමට අම්පිටියේ සුගුන හිමිට හෝ කිසිවෙකුට නොහැකිය.
ජනපති ගෝඨාභය හදනවා යැයි කියන්නේ විනයගරුක රටක් නම් මෙවැනි අන්තවාදින්ගේ ක්‍රියාවලට තිත තැබිය යුතුව තිබේ.
එලෙසින්ම පසුගිය දිනක මතුගම ප්‍රදේශයේදිද චාල්ස් තෝමස් සහෝදරතුමන්ගේ කදුළ ප්‍රසංගය පැවැත්විමට ඉඩ නොදි ප්‍රචණ්ඩ ලෙස භික්ෂුන් පිරිසක් හැසිරි තිබුණි.
නීතිය වල්වදිමින් තිබේ.
භාෂණයේ නිදහස ගැන අන්තවාදින් තින්දු ගන්නා තත්වයක් මතුවෙමින් තිබේ.
මේ තත්වයන් පාලනය කිරිම රජයක මුලික වගකිමයි.
එහෙත් එවැන්නක් නොපෙනේ.
කාර්දිනල් හිමියන් ඇතුලු ආගමික නායකයන් මේ ගැන දැන් හඩ නැගිය යුතු නොවේද ?