ආගමික සහජීවනය ගොඩනැගීම සඳහා ප්‍රජාසහභාගීත්වය ශක්තිමත් කරමු

0
472

IMG-20190914-WA0024

ආගමික සමගිය ගොඩනැගිම කෙන්ද්‍රකොට ගත් සහජීවන වැඩසටහනක් ඊයේ දිනයේ මීගමුවේදි පැවැත්විණි.මෙම අවස්ථාවට සමාජ ක්‍රියාධරයින් සහ විවිධ සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගීවූ අතර මීගමුව කලාපය භාර නාහිමියන් වන සිස්වාන් ද කෘෘස් පියතුමා , සහ රෝහල් කමිටුවේ සභාපති වන ක්‍රිෂාන්ත දල්පදාතු මහතා ද සහභාගී විය. මෙහිදී පියතුමා පසුගිය ව්‍යසනය මත වැදගත් කරුණු රාසියක් මත අදහස් දැක්වීමක් කරන ලදී .
ප්‍රධාන දේශකයා වූයේ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය ධනුෂ්ක ගනේගොඩ මහතාය.
මෙහිදී අදහස දැක්වු
ග⁣නේගොඩ මහතා ….
ඇතිවූ ව්‍යසනය තුළ අපට පෙනෙන පැත්තක් සේම නොපෙනෙන පැත්තක්ද තියෙනවා . සිදුවූ විනාශය අප දැක්කා. නමුත් අපේ මානසිකත්වයේ කඩා වැටීම අපිට පේන්නෙ නෑ. මම කථා කරන්නේ ඒ ගැනයි.
මේ අනුව ඇතිවූ බිය ,කම්පනය , දරුවන්ට වූ හානිය , හිත මිතුරන්ට වූ හානිය විශාල බව ඔහු පැහැදිලි කරන ලදී .
එමෙන්ම සමාජය තුළ මනස විකෘති වූ මිනිස්සු සිටින බවත් , එම තත්වය තවත් පිරිසක් පාලනය කිරීම නිසා මෙවැනි ව්‍යසනයන් සිදුවන බවත් ධනුෂ්ක මහතා පැහැදිලි කරයි .
වැඩ සටහන තුළ විවිධ අදහස් ඉදිරිපත් වූ අතර අවසානයේදී මෙම වැඩසටහන ගමට රැගෙන යාමට සහ විශේෂයෙන් තරුණ පිරිස මේ සම්බන්ධව දැනුවත් කිරීමටත් තීරණයක් ගන්නා ලදී .ජාතික සාම මණ්ඩලයට අනුබද්ධිත මිගමුව ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුව විසින් මෙය සංවිධානය කොට තිබුණි.