ආගමික සහජීවනය පදනම් කරගත් ගිහිපැවිදි නායක එකතුවක්

0
147

DSC_1262 DSC_1263(1)
ආගමික නායකයින්, රාජ්‍ය   නිලධාරීන් ඇතුළු වෙනත් සමාජ ක්‍රියාධරයින් ගේ එකතුවක් 28 දා තම්මිට කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී  පැවත්වූ අතර  මෙම වැඩසටහන සංවිධානය කර තිබුනේ සෙත්සරණ කරිටාස් ආයතනය විසිනි. මේ සඳහා සෙත්සරණ සංවිධානයේ  අධ්‍යක්ෂක ලෝරන්ස් රාමනායක පියතුමා, මීගමුව ල අඟුරුකාරමුල්ල , අබේසේකරාරාමයේ පියදස්සි හිමි, මීගමු කලාපය භාරව කටයුතු කරන සිස්වාන් ද කෲස් පියතුමාල සිව රාජේන්ද්රේ කුරුක්කන් තුමා, අබ්දුල් රහුමාන් මව්ලවී තුමා , මීගමුව  මූලස්ථාන පොලිස් පරීක්ෂක උදයකුමාර වුඩ්ලර් මහතාල වත්තල- මාබෝලේ නගරසභාවේ නාගරික මන්ත්‍රී සහ ආගමික සහජීවන ඇමති මනෝගනේෂන් මහතාගේ ගම්පහ දිස්ත්‍රි ක් සංවිධායක ශෂිකුමාර් මහතා යන ආගමික නායකයින්  සහභාගී වූහ.
සහජීවනයට බලපාන සමාජ ගැටලූ කීපයක් මෙන්ම   මුහුදට අපද්‍රව්‍ය දැමීම , මාර්ගනීති කඩකිරීම ,වැනි කරුණුද සාකච්ඡාවට ගැනින. මෙම කරුණු පිළිබඳව ඔනෑම අවස්ථාවක පියතුමන්ලා හමුවිය හැකි බවත්ල අදාල අවස්ථාවලදී පොලීසිය මැදිහත්වන බවටත් මූලස්ථාන පොලිස් පරීක්ෂක වුඩ්ලර් මහතාද පොරොන්දුවිය.