ආණ්ඩුවට කඩේ යන මානව හිමිකම් සංවිධානයක් වෙන්නප්පුවේ ?

0
60

මාර්තු 08 වනදා  ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ  සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට  ජිනීවා සමුළුවට විරෝධය පා විරෝධතාවයක් හා පෙළපාලියක් සංවිධානය කර තිබුණි. මෙම පෙළපාලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය නමැති සංවිධානයක් විසිනි.
මෙම සංවිධානයේ කාර්යාලය පිහිටා ඇත්තේ වෙන්නප්පුවේ  වාර්ථා වේ. මෙම
සංවිධානයට අයත්  වාහනයේ ශ්‍රි ලංකා රාජ්‍ය ලාංඡනයට සමාන ලංඡන අලවා ඇති අතර සංවිධානයේ ගසා ඇති පුවරුවක සඳහන් කර ඇත්තේ ‘ එම සංවිධානය  ශ්‍රී ලංකා මානව හිමිකම් අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇති බවයි. අප දන්නා පරිදි  එවැනි අමාත්‍යාංශයක් ද ලංකාවේ නැත.මානව හිමිකම් වෙනුවෙන් පෙනි සිටින මහින්ද සමරසිංහ පවා අයත් වන්නේ වැවිලි කර්මාන්තවලට සම්බන්ධ තැනකටය.
මේ සියළු ඇන්දවිම් හරහා  අටවාගෙන ඇති මෙම මානව හිමිකම් සංවිධානයේ පරිපාලන අධ්‍යක්ෂක ලෙස ක්‍රියාකරන පුද්ගලයාට  මානව හිමිකම් පෙරදැරීකරගෙන කළ කටයුතු හේතුවෙන්  අධිකරණයේ පෙනි සිටින්නටද  සිදුවිය.
එමෙන්ම මේ ආකාරයෙන්  අටවාගෙන ඇති මානව හිමිකම් සංවිධානයේ නාමයෙන් නීතිය ඉදිරියේ වැරදිකරුවන් වන පුද්ගලයන් වෙනුවෙන්ද පෙනීසිට ඇති බවද ප්‍රදේශයෙන් වාර්තා වේ,
මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරන  ශ්‍රී ලංකා රාජ්‍යය තුළ ඒවා සාධාරණය කරන්නටත් රජයේ අතින් සිදුවී ඇති සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය වීම් ගැන වචනකුදු කතා නොකරන මෙවැනි සංවිධාන මානව හිමිකම් සංවිධානදැයි ප්‍රශ්ණයක් මතුවේ.