ඊයේ යාපනය පුස්තකාලය අවට උණුසුම් ස්වරූපයක් ගෙන තිබුනේ බ්‍රිතාන්‍ය අගමැතිගේ සහ තවත් විදේශ නායකයන්ගේ පැමිණිම හේතුවෙනි.
ඒ අය වෙත තමන්ගේ දුක කියන්නට විශේ්ෂයෙන්ම අතුරුදහන්වුවන්ගේ පවුල් වල ඥාතිහු රැස්ව සිටියහ.
මේ අතර තවත් විශේෂ උද්ඝෝෂණයක් පුස්තකාලය අසලම සංවිධානය කර තිබුණි.
ඒ ආණ්ඩුවේ ඔඩොක්කුවට ගිය LTTE සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වු දයාගේ මාස්ටර්ගේය.
පොලිසිය ඒ උද්ඝෝෂකයන්ට පුස්තකාලය අසලට යන්නට ඉඩ දි තිබුනි.
ඒ පිළිබදව දැඩි විරෝධයක් කතෝලික පියතුමන්ලාගෙන්ද එල්ලවතිබුනේ තමන්ගේ ජනතාවට කැමරන්ට දුක කියන්නට අඩුම තරමින් පුස්තකාලය අසලට වත් යාමට ඉඩ ලබා නොදිම ගැනය.
