”ආණ්ඩුවේ කොරෝනා බොරුවේ ප්‍රතිඵල අද භුක්ති විඳිනවා..” – රසික ජයකොඩි (වීඩියෝ)

0
44
email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
”කොරෝනා ජයගත්තා කියලා මැතිවරණය වෙනුවෙන් ආණ්ඩුව වපුරපු බොරුව

ඇතුළෙ ආණ්ඩුව ම ජීවත් වෙන්න පටන් ගත්තා. වසංගතය සෙල්ලමකට අරගෙන තමන්ගේ පුද්ගලික බල අරමුණු සපුරාගන්න ගියා. අද අපි ඒවායේ ප්‍රතිඵල භුක්ති විඳිනවා..” යැයි සමගි ජන බලවේගයේ තරුණ ව්‍යාපාරයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි පවසයි.

යම් හෙයකින් මුලින් ම හමු වූ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවට ගම්පහ රෝහලේ දී PCR පරීක්ෂණයක් සිදු නො කළේ නම් ශ්‍රී ලංකාව මේ මොහොත වන විටත් කොරෝනා වසංගතය ජය ගත් ලොව දෙවැනි රට වශයෙන් සතුට සමරන බව ද ඔහු කියා සිටියි.

“රටේ ප්‍රමාණවත් තරමින් පරීක්ෂණ ධාරිතාව වැඩි නොකර, දැඩි සත්කාර ඇඳන් වැඩි නොකර, ශ්වසන යන්ත්‍ර ප්‍රමාණය වැඩි නොකර, මේ ආණ්ඩුව කොරෝනා ජයගත් ලෝකේ දෙවැනි රට වීමේ සතුට සමරලා කිරිබත් කෑවා.

ඒ තරම් බොරුවක, ඒ තරම් මායාවක, ඒ තරම් අවිද්‍යාවක ගැලිලයි අපි මේ ගෝලීය වසංගතයට මුහුණ දුන්නේ…” යයි ද ඔහු කියා සිටියි.


theleader.lk