ආණ්ඩුවේ සැලසුම් අවුලෙන් අවුලට ? මැනිං වෙළඳ පළෙත් අර්බුදයක් ! වෙළෙන්දෝ අසරණයි

0
180

මැනින් 2කොළඹ මැනිං පොදු වෙළඳ සංකීර්ණය අද (09) විවෘත කෙරෙන බවට පෙර කළ දැනුම්දීමකට අනූව එළවළු තොග රැගෙන පිරිස් බොහෝමයක් එහි පැමිණ සිටියේය.එහෙත් එළවළු තොග භාර ගැනීමට කිසිවෙකු නොමැති වීමෙන් අද අලුයම එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

කෙසේ වෙතත් එම තත්ත්වය සම්බන්ධයෙන් තව පැය කිහිපයක් තුළ නිසි විසඳුමක් ලැබෙනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් පවසා තිබේ.
කොරෝනා පාලනයට අදාල කාර්ය සාධක බලකායන්ම කිපයක් තිබුණද ඒවායේ නිසි සම්බන්ධිකරණය නොමැති බව දිගින් දිගටම රටට දැන් දිනපතා හෙළි වෙමින් තිබේමැනින් 1
මැනිං වෙළඳපළ වෙළදුන් කියා සිටින්නේ  රු කෝටියක පමණ එළවලු පිටපළාත්වලින් ගෙනවිත් තිබුණද එවා භාරගැනිමට දැන් කව්රුත් නැති බවය.
සති 3 ක පසු ඔවුන් පැමිණියේද රජයේ කිම පිට බවද කියා සිටිති.
මේ අතර ගොවියන්ට එළවල විකුණාගැනිමට නොහැකි අසරණය වි සිටියද සෙසු පළාත්වල ජනයා එළවලු නැතිකම මෙන්ම අධික මිළ නිසාද අසරණව සිටිති

කොරෝනා දෙවන රැල්ල ඇරඹි දැන් මසක්ද ඉක්මවා තිබේ.එහෙත් රජයට අවම තරමින් එළවළු ගොවියාවත් පාරිභෝගිකයාවත් රැකගැනිමට තවමත් වැඩපිළිවෙලක් හදාගැනිමට බැරි බව දැන් රටට කියා සිටින්නේ මේ රජයෙ ඇමතිවරුන් විසින්මය.එය සැබැවින්ම දෛවයේ සරදමකි