මිගමුව කටුවාපිටියේ බාල්දිහංදියේ මාසිකව පවත්වනු ලබන විරෝධතාවය ඇද හැලුන වැසි මධ්‍යයේ වුවද පැවැත්විණි.
නව රජය බලයට පත්විමෙන් පසු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා සංවිධානය කෙරුන පලමු උද්ඝෝෂණයද මෙය වේ.
සමාජ හා සාමයික කේන්ද්‍රයේ රොහාන් සිල්වා පියතුමා ඇතුළු පියතුමන්ලා , කන්‍යාසොහොයුරියන් ඇතුළු මිගමුවේ සමාජ ක්‍රියාකාරින් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියා.
කාර්දිනල් හිමියන්ගේ ප්‍රධාන හා එකම ජාතික ප්‍රශ්ණය වු පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධයෙන් මිගමුවේ බාල්දි හංදියේ විරෝධතාවය කටුවාපිටියේ පල්ලියේ පියතුමන්ලා හෝ ඒහි විපතට පත්වු ජනයාගේ කිසිදු නියෝජනයක් අද දිනයේදි දක්නට ලැබුනේ නැත.