ආණ්ඩුව නොකළ දේ පරිසර යුක්ති කේන්ද්‍රය කරයි‍

0
67

Rishad-Bathiudeen-2020.10.19විල්පත්තු අභය භූමිය අසල පිහිටා ඇති එළිකළ කල්ලාරු රක්ෂිතයේ තම පෞද්ගලික වියදමින් නැවත වන වගා කරන ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සමකට අදාළ තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර තිබේ.

එහි තීන්දුව ලබාදීම සඳහා ජනක් ද සිල්වා සහ නිස්සංක බන්දුල කරුණාරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (16) එම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

මෙහි විත්ති පාර්ශවයට වැය වූ නඩු ගාස්තුද ගෙවන ලෙස අභියාචනාධිකරණය රිශාඩ් බදුර්දීන් මහතාට නියෝග කර ඇත.

මෙම වන රක්ෂිත විනාශ කළ අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බව වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී පැවසුවද ආණ්ඩුව මේ දක්වා ඊට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත් අතර පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පරිසර විනාශයට එරෙහිව අධිකරණයට ගොස් මෙම නඩු තීන්දුව ලබා ගන්නා ලදී.

ඒ අනුව පැළ සිටුවීමේ වියදම ගණනය කර ඉදිරිපත් කිරීමේ වගකීම පළමු විත්තිකරු වන වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා හටද දූෂකයා විසින් එම වියදම දැරීමේ මූලධර්මය (polluter pays principle) යටතේ එම වියදම දැරීමේ සම්පූර්ණ වගකීම 07වන විත්තිකාර රිශාඩ් බදුර්දීන් විසින් දැරිය යුතු බවටද මෙම මුදල් තීන්දුවේ සිට මාස දෙකක් තුළ ගෙවීමටද නියම කර තිබේ.

ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධනය සම්මත කර ගැනීම සඳහා රිශාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් ඇති පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායද ලබාගෙන තිබිණි.
lankatruth.com