ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සාකච්ජාවට වඩා මඩුපල්ලි චාරිකාව ලොකු වු හෙක්ටර් අප්පුහාමි ?

0
102

hectorමේ රටෙ  ඉදිරි තිරාණාත්මක දේශපාලන ජයග්‍රහණය බවට පත්කරගත යුතුව ඇත්තේ නව අාණ්ඩු ක්‍රම ව්‍යස්ථාවක් සම්මත කරගැනිමය.
මේ නිසාම ඉදිරි පළාත් පාලන මැතිවරණ පවා කලින් ව්‍යස්ථාව සම්මත කරගැනිම අංක එකේ දේශපාලන කරුණ බවට පත්ව තිබේ.
අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද මේ අරමුණින් කටයුතු කරගෙන යන බැව් පෙනේ .
මේ අනුව මේ යහපාලන ආණ්ඩුවේ සියළු මැති ඇමැත්නන් හට මෙහි ලොකු වගකිමක් දැන් පැවරි ඇත.
සිවිල් සමාජ ක්‍රියාකාරින්ද සිය වගකිම් මේ අරභයා ඉටුකිරිමට පෙරමුණ ගෙන තිබේ.
පසුගිය 18 වනදා පුත්තලම් දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන්ද කැදවා හලාවත නගරයේදි රැස්විමක් සංවිධානය කරනු ලබන්නේ මේ අනුවය.
පෙබරවාරි 18 වනදා දිනය මුලින්ම ස්ථිරකොට ගෙන තිබුනේ නාත්තන්ඩිය එජාප සංවිධායක සහ පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමිගේද එකගතාවය මතය.
ඒ දිනය මෙහි සංවිධායකන් හට දි තිබුනේද ඔහු විසින්මය.
තතු එසේව වුවද හෙක්ටර් අප්පුහාමි එදා 18 වනදා හලාවත රැස්විමට පැමිණ තිබුනේ නැත.
පසුව දැනගන්නට ලැබුනේ ඔහු මඩුපල්ලියේ චාරිකාව නිරතව සිටි බවය.
ඒ වෙනුවට ඔහුගේ  ලේකම්වරයෙකු යැයි කි අයෙකු එයට එවා තිබුනද වාර්තා වු අන්දමට එ් තැනැත්තා රැස්විමේ මුළු කාලය පුරාම ඔහුගේ ජංගම දුරකථනයද සමගින් සෙල්ලම් කරමින් සිටියා මිස කිසිදු අදහසක් සභාවේදි දක්වා තිබුනේ නැත.
එපමණක් නොව අදාල ලේකම් යැයි කියන  තැනැත්තා මෙහි ඇතැම් සංවිධායකන් හා කියා ඇත්තේ මේ නව ව්‍යස්ථාවක් සහ ජනමතවිචාරණය යනු වැඩි වැඩක් බවත් ඔවුන් එයට කිසිසෙත්ම කැමැත්තක් නැති බවත්ය.
ඇත්තය මේ කිසිවක් අප්පුහාමිලාට එදත් වැඩක් නැත අදත් වැඩක් නැත.
මහින්ද රාජපක්ෂ එකාධිපති රෙජිමය 18 වන සංශේධනය ගෙන එන විට අප්පුහාමි සිටියේ මහින්ද රෙජිමයේ ගෝලයන් හා කරට අතදාගෙන චින සවාරියකය.
රාජපක්ෂ රෙජිමය විසින් ඝාතනය කරන ලද හලාවත ඇන්ටනි නම් වු ධීවරයාගේ සමරමින් 2014 පෙබරවාරි මස 15 වෙනිදා හලාවත නගර මධ්‍යයේ පැවැති විරෝධතාවයේදි පැමිණ සිට රනිල් වික්‍රමසිංහ මහතාට මුහුණ පෙන්විමට පමණක හලාවතට පැමිණ සිට හේකටර් අප්පුහාමි එජාප නායකයා ගිය පසු සැනෙකින් නික්ම ගොස් තිබුණි.
ජනතාව සමගින් එදා සිටි එකම දේශපාලකයා වුයේ වයඹ පළාත් සභා මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දු පමණි.
හෙක්ටර් අප්පුහාමි යනු සජිත් ප්‍රේමදාසගේ කල්ලියේ පුත්තලම් දිස්ත්‍රික්කයේ නායකයාය.
රටේ නායකයා සජිත් ප්‍රේමදාස යැයි එදා එක හඩින් කියා කේක් කපා කේක් කවා ලොකු සිහින කරපින්නාගෙන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පුත්තලම් දිස්ත්‍රික්කයේ රැස්විම් සංවිධානය කළ පමණක් නොව පෝස්ටර්ද අලවා තිබුණි.
මේ අනුව අප්පුහාමිලාට නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවව වැඩක් නැත.එය වැදගත් වන්නේ සිය පක්ෂයේ නායකයාට පමණි.අප්පුහාමිලාට වැදගත් වන්නේ ආණ්ඩුවෙන් ලැබෙන විවිධ වරදාන සහ සංවර්ධන ආධාර පමණි.පවුල් පිටින් මේනම පරම්පරා පිටින් ගොඩයා හැක්කේ එවිටය.
මේ නිසා  නව ව්‍යව්ස්ථාවක් රටතුල සම්මත කරගැනිමට අප්පුහාමිලා මෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කයේ අනික් මැති ඇමැත්තන්ටද  ඕනෑකමක් නැත.
දැන් අප්පුහාමිලා ව්‍යවස්ථාවට වඩා වැදගත් අදායම් ලැබෙන ව්‍යාපෘති රැසක් තිබේ.
පරම්පරා ගාණක් ඉන් ගොඩ දාගැනිම එකම සිහිනය බවට පත්ව ඇතිවා සේය.
කිංග්ස්ලි ප්‍රනාන්දු- නාත්තණ්ඩිය