ආණ්ඩුව ට කඩේ යන විරුද්ධ පක්ෂ මන්ත්‍රිවරු..?

0
192

Negombo-News මීගමුව මහනගර සභාවේ විපක්ෂ මන්ත්‍රින් බහුතරයක් දෙනා අද ඇත්තටම සිටින්නේ ආණ්ඩු පක්ෂය සමගින්ය.ඒ තමන්  වෙත පුද්ගලිකව ලැබෙන වරදාන හේතු කරගෙනය. එක්කෝ දුවගේ මඟුල් ගෙදර ලැබුන මුදල් ආධාරය නැතිනම් අලුතින් හදන දුවගේ ගෙට ලැබුන සිමෙන්තිය.

තවත් අය විවාහ විමට බලාසිටින්ෙන්ද ආණ්ඩුවෙන් ලැබෙන ඇප උපස්ථාන සියල්ල ගැන සිහින දකිමිනි.

කෙසේ හෝ නගරයේ වසරක සංවර්ධනය පිළිබදව වැදගත්ම සැලසුම් ලියවිල්ල වු මේ ගැන කල් ඇතිවම කථා කර ජනතාවගේ පැත්තෙන් යම් මැදිහත්විමක් සිදුකළ යුතුව තිබුනද ඒ සදහා කිසිදු සුදානමක් තිබුනේදැයි සැක සහිතය.අඩුම තරමින් අයවැය පිළබදව විපක්ෂයේ ස්ථාවරය ගැන කථා කිරිමට විපක්ෂයේ මන්ත්‍රිවරුන් නිසි ලෙස එකතු වුයේ නැත.

එක් ව සිටි 4 දෙනාට අයවැය ගැන එක ස්ථාවරයකට පැමිණිමට නොහැකිවිය.

අයවැයට කෙසේ හෝ විරුද්ධවිම පිළිබදව තිබන පොදු අදහස වැඩබලන විපක්ෂ නායක විසින් පාවා දෙනු ලැබු බව නම සදහන් කිරිමට අකමැති අයෙක් විසින් පවසා සිටියේය.මේ අතර පැවැති අයවැය රැස්විමේදි එජාප මන්ත්‍රි රවි ජිවානන්ද මන්ත්‍රිවරයා පවසා සිටියේ කව්රුන් අයවැයට එරෙහි වුවද තමන් නම් අය වැයට පක්ෂ වන බවය.එසේ පවසෙ සිටියේ  අද පැවැති මහතා සභා රැස්විමේදි ය.එමෙන්ම එජප මන්ත්‍රි කණ්ඩායමේ සිටින උගත් නිතිඥයෙකු  වු නිශාන්න මහතාද ප්‍රසිද්ධියේ කියා සිටියේ තමන්ගේ සම්පුර්ණ සහය මේ අයවැයට ලැබෙන බවය.

එපමණක් නොව අයවැයෙන් පසුුව කැම්ලොට් බිච් හෝටලයේ පැවති භෝජන සංග්‍රහයේදි විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන්ගේ හැසිරිම් සහ කියුම් කෙරුම් ගැන ඉතා විශ්වාස කටයුතු ආරාංචි මාර්ග වලින් දැන ගන්නට ලැබුණු අතර ඇත්තටම මේ අයගේ අාසන සංවිධාකයා  දොස්තර ජයලත් ජයවර්ධනද නැතිනම් ඇමති නිමල් ලංසාද යන ප්‍රශ්ණය මේ අයට ජන්දය දුන් ජනයා හමුවේ තබන්නට සිදුව ඇත.