ආණ්ඩු පක්ෂයට විතරක් කියපු මිගමු නගරාධිපතිගේ බජට් පාටියට සල්ලි කොහෙන්ද ?( විඩියෝ )

0
88

party-clipart-jLTKR55ia( 8.30 am ) මීගමුව මහනගර සභාවේ අයවැය සම්මත විමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ අයට පමණක් රහසින් දැනුම් දි බජට් පාටියක් ඊයේ සංවිධානය කර තිබුන බව වාර්තාවේ.

නගරාධිපති ගේ පුද්ගලික වියදමින් ඔහුට එසේ කිරිමට අයිතියක් තිබුනද එකි සාදයේ බරපැන මහනගර සභා අරමුදලෙන් සපයා ගන්නට සැලසුම් කරන්නේ නම් එයට අනිවාර්යෙන්ම විරුද්ධ වන  බව මිපුර කළ විමසුමකදි විපක්ෂයේ මන්ත්‍රිවරුන් රැසක් කියා සිටියේය
මිට පෙර සම්ප්‍රදායක් ලෙසින්  නගරාධිපතිවරයා විසින් අයවැය අවසන් වු පසු සියලුම මන්ත්‍රිවරුන්ට මේ බජට් පාටියට ඇරයුම් කර තිබුණි
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙකු වන කපිල නන්දසුලෝචන කියා සිටියේ නගරාධිපති විසින් තෝරාගත් පිරිසකට කැදවු සාදයකට මහජන බදු මුදල් වැය කළ නොහැකි බවය