ආණ්ඩු පක්ෂයේ ගැටුම උග‍්‍ර අතට

0
29

ඔක්තෝබ්ර් 08 වනදා පැවැත්වීමට නියමිත  මීගමුව මහ නගර සභා ජන්දයේදි  නගරාධිපතිධූරය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයෙන්ම  තරග වදින අපේක්ෂකයන් පිලිබඳ ආණ්ඩු පක්ෂයේම ප‍්‍රබලයින් අතර පවතින ගැටුම තවත් බරපතල වෙමින් ඇතැයි අපගේ ආරංචි මාර්ග සනාථ කර සිටී. මේ වන විට ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා විසින් ප‍්‍රසිද්ධියේ  කියා සිටින්නේ නගරාධිපතිධූරය හෙබවිය යුත්තේ  ,¥ෂණ ,වංචා වලින් තොර ගෞරවනීය පුද්ගලයෙකු බවයි. ඔහු කිසිවිටකත් සල්ලාලයෙක් නොවිය යුතු බවය. මොන තරම් උත්සාහ කර වැඩිම මනාප ගත්තත් මෙවැනි කතෝලික පුරවරයක නගරාධිපතිධූරය හෙබවීමට නම් ඔක්තෝබ්ර් 08 වනදා පැවැත්වීමට නියමිත  මීගමුව මහ නගර සභා ජන්දයේදි  නගරාධිපතිධූරය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයෙන්ම  තරග වදින අපේක්ෂකයන් පිලිබඳ ආණ්ඩු පක්ෂයේම ප‍්‍රබලයින් අතර පවතින ගැටුම තවත් බරපතල වෙමින් ඇතැයි අපගේ ආරංචි මාර්ග සනාථ කර සිටී. මේ වන විට ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා විසින් ප‍්‍රසිද්ධියේ  කියා සිටින්නේ නගරාධිපතිධූරය හෙබවිය යුත්තේ  ,¥ෂණ ,වංචා වලින් තොර ගෞරවනීය පුද්ගලයෙකු බවයි. ඔහු කිසිවිටකත් සල්ලාලයෙක් නොවිය යුතු බවය. මොන තරම් උත්සාහ කර වැඩිම මනාප ගත්තත් මෙවැනි කතෝලික පුරවරයක නගරාධිපතිධූරය හෙබවීමට නම් ඔහු ඊට සුදුසු චරිතයක් විය යුතු බව ඔහු සිය පාක්ෂිකයින්ට තරයේ පවසා තිබේ. වැඩිම මනාප ගත්තත් නගරාධිපතිධූරය පිලිබඳ තීන්දු ගන්නේ තමා බැව්ද එබැවින් මෙම තනතුර සඳහා තම පක්ෂයේ ඉතා නවකයෙකු තෝරාපත් කළත් සිය සහෝදරයාගේ බලය පෙන්වමින් ජනප‍්‍රිය වෙන්නට උත්සාහ කරන දුෂිත පූද්ගලයන්ට නගරාධිපතිධූරය හෙබවීමට ඉඩ නොදෙන බවද ඔහු ප‍්‍රකාශ කර ඇත.
මේ අතර හිටපු නගරාධිපතිවරයා ද මේ දිනවල මැතිවරණ  රැුස්වීම් වලදී ,නගරයේ සංවර්ධන වැඩ බොහෝසේ සිදු කර ඇත්තේ තමා බැවින් නගරාධිපතිධූරය පිළිබඳ තීන්දු ගන්නට හැක්කේ තමාට බව පැවසූ බවද වාර්තාවේ. ආණ්ඩු පක්ෂයේ නගරාධිපතිධුරය හෙබවිම වෙනුවෙන් ෙඡ්්‍යෂ්ඨත්වය අතින් ඉදිරියෙන්ම සිටින පුද්ලගයා වන්නේ හිටපු නාගරික මන්ති‍්‍ර ඇන්ටන් ජයවිර මහතාය.
එහෙත් මේ ගැටුම තුළ ඔහුට සිදුව ඇත්තේ තම අයිතිය වෙනුවෙන් ඒක පුද්ගල සටනක නියැලෙන්නටය. පසුගිය සිව්වසර තුළ ඔහු හිටපු නගරාධිපති නිමල් ලංසාගේ ප‍්‍රධාන ආධාරකරුවකු ලෙසින් මහනගර සභාව තුළ ඔහුගේ අත්දැකිම් හා ජ්‍යෙෂ්ඨත්වයෙන් නොමද සහයක් ලබාදුනි.
එහෙත් ඊට කෘතගුණ සැලකිම පසෙක ,තිබියදි ඔහුට සිදුව ඇත්තේ සිය සගයාගේ පවුල් ව්‍යපෘතිය  රැුකගැනිම වෙනුවෙන්  අද සිදුකෙරෙන කකුල් පැටව්,සිමෙන්ති කොට්ට දේශපාලනය දෙස නිහඬ`ව බලා සිටින්නටය.  මේ සියළු අර්බුදයන්ගේ වාසිය  නිසි ලෙසින් කළමණාකරණය කරගන්නට එජාප කණ්ඩායම සමත්වන්නේ නම් පමණක් මීගමුවට වෙනසක් උදාවනු ඇත. එසේ නොවන්නේ නම් මීගමුව තවදුරටත් දුන්ගාල්පිටියේ සහ වැල්ලවිදියේ සනාතනික දේශපාලන බල පොරයේ සිරකරුවක වීම වැලැක්විය නොහැක.