ආණ්ඩු පක්ෂයේ ලයිස්තුවේ ඇතැමුන් ගැන කතෝලික පල්ලියේ අප්‍රසාදය…..??????

0
69

මීගමුවේ මැතිවරණයකදි කතෝලික පල්ලියේ ආශිර්වාදය එක ප්‍රධාන කරුණකි.දශක ගණානාවක් පුරා එජාප බල කොටුවක් වු  මීගමුව අවස්ථා කිපයදි පමණක් පොදු පෙරමුණ පාලනයට නතුවිය.

2011 පලාත් පාලන මැතිවරණ මීගමුවට ඉතා තිරාණාත්මකය.පැවැති  පොදු පෙරමුණු පාලනයට එල්ලව ඇති  දූෂණ   චෝදනා රැසකි.නගරයේ ඉඩම් කොල්ලකෑම, රජපක්ෂ උද්‍යානය ,බස්නැවතුම මේ අතර ප්‍රධානය.

මේ සියළු චෝදනා එල්ලව ඇත්තේ නිමල් ලංසා පිළ වෙතය.මේ සියළු චෝදනා මැද පාලනය වෙනතකට නොයවා ඔහු අතම රදවා ගන්නට දැන් සිය සොහොයුරුට ඡන්දය ඉල්ලනට ඉඩලබාදි ඇතැයි මීගගමු එජාප නායකත්වය චෝදනා කර සිටි.

සදාචාරත්මක නොවන ක්‍රියා රැසක් සම්බන්ධයෙන් නම ගෑවී ඇති දයාන් ලංසා පිළිබද පල්ලියේ බහුතරයක් දෙනා සිය නොසතුට පළ කර ඇත.ඇතැම් පියවරුන් සිය මාසික සභා රැස්විම් වලදිද මෙය සදහන් කර තිබේ.

එමෙන්ම දැනට මිනිමැරුම් චෝදනා මත බන්ධනාගාර ගතව සිටින මාක් සුජිත් මන්ත්‍රිවරයාගේ බිරිද රොමොනා ලංසා ආණ්ඩු පක්ෂ ලයිස්තුවෙන් තරඟ බිමට පිවිස ඇත.මේ හේතුකොටගෙන මීගමුවේ බහුතරයක් කතෝලික පියවරුන් අතර බරපතල අප්‍රසාදයක් මතුව ඇතැයි නම හෙළි කිරිමට අකමැති පියතුමෙකු මීපුර ට පවසා සිටියේය.