ආණ්ඩු පක්ෂය නිහඬයි.යෝජනාව සම්මතයි.??

0
54

මීගමුව කොටුව පිට්ටනිය අසල පිහිටි මාළු වෙළද පොල සදහා මෙතෙක් කර තිබෙන ආයෝජනයන්ගේ ලාභය මහනගර සභාවට ලැබෙන පරිදි කටයුතු කරන ලෙස ඉල්ලමින් 2013 මැයි 09 වනදා මහසභාවට හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් ඉදිරිපත් කරන්නට යෙදුන යෝජනාව පිළිබදව අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් කිසිවෙක් වචනයක් වත් කථා කළේ නැත.ඉන් හැඟවුනේ ඒ සියල්ලෝ ම මේ ඉදිරිපත් වු යෝජනාවට පක්ෂ බවය.
මේ අනුව නගරාධිපතිවරයා න්‍යාය පත්‍රයේ ඊළඟ යෝජනාවටද ඉඩ විවර කර දුනි.
මේ අතර සේපාල මොරවක මන්ත්‍රිතුමාට හදිසි දුරකතන ඇමතුමක් ලැබිණි. කලබලයෙන් මෙන් ඔහු සභාවට යෝජනා කර සිටියේ කළින් යෝජනාව පිළිබදව ජන්ද විමසිමක් සිදුනොකළ නිසා ජන්දයකට යා යුතු බවයි.
ඉන්පසුව ඇතිවුයේ කළබලකාරි තත්වයකි.යෝජනාව ඉදිරිපත් කළ හිටපු විපක්ෂ නායක රොයිස් විජිත සේපාලගේ මන්ත්‍රිවරයාගේ යෝජනාව සම්ප්‍රදාය විරෝධි බව දැඩි ලෙස විවේචනයට ලක්කරමින් ජන්ද විමසිමකට දැන් ඉඩක් නැතැයි කරුණු දක්වා සිටියේය.
මේ අතර සභාව විනාඩි 10 කට කල් දැමෙයි.
අනතුරුව නගරාධිපතිවරයා ජන්ද විමසිමකට සභාවේ ඉඩ ලබාදෙයි. මේ තත්වයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රිවරු සභාවෙන් පිටව යති.
පළාත් පාලන නීති සම්ප්‍රදායට අනුව නම් මේ යෝජනාව සැලකිය යුතුව ඇත්තේ සම්මත වුවක් ලෙසටය.
නගරාධිපතිතුමෙනි අපි කියන්නේ බොරුද…????