ආණ්ඩු පක්ෂය සේවය කරන්නේ පල්ලියටද ?නගර සභාවටද?

1
91

trip docදේශපාලනයේදි ප්‍රතිපත්ති ගරුක නැති සියළු දෙනා කටයුතු කරන්නේ තමන්ගේ හාම්පුතා වෙනුවෙන්ම පමණි. මේ නිසාම තමන් අතඋස්සන්නේ කුමකටදැයි ඔවුහ නොදනිති.මේ සත්‍ය අපි නැවත වතාවක් පසුගිය මැයි මස 9 වනදා මීගමු මහ සභා රැස්විමේදි අත්දුටුවෙමු.
නගරයක  පිරිසිදුකම මෙන්ම ක්‍රමවත් බව සහ එය සංවර්ධනය කරා මෙහෙයවිම ට වගකිම පැවරි ඇත්තේ ඒ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය වෙතයි.
මේ නිසාම රජය සිය ප්‍රාදේශිය ආයෝජනයන් මුදා හරින්නේ මේ පළාත් පාලන ආයතනයන් හරහාය.
එසේ යොදවන්නාවු අයෝජනයන් ගේ වැය මෙන්ම ආදයම්ද අනිවාර්යෙන්ම රාජ්‍ය විගණනයට අයත්ය. එය  මේ රටේ නිතියයි.
එනම් කිසියම් අයෝජනයකින් පසු එය විසින් උපයන අදායම අනිවාර්යෙන්ම රාජ්‍ය විගණනයට යටත්විය යුතුමය.
මේ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සංවාරක සම්පත් වැඩි දියුණි කිරිමේ ව්‍යාපෘතිය විසින් මීගමුව බලප්‍රදේශය තුල සංවාරක සම්පත් වැඩිදියුණු කිරිම සදහා ප්‍රධාන ව්‍යාපෘති දෙකක් මීගමුව මහනගර සභාවට ලබා දි තිබුණි.
එනම් ධීවර වෙළද මධ්‍යස්ථානය ඉදිකිරිම සහ හැමිල්ටන් ඇල සංවර්ධන ව්‍යපෘතියයි.
සංවාරක කටයුතු නගා සිටුවිම සදහා මේ ව්‍යපෘති නඩත්තු කිරිම සහ ඵලදායි ලෙසින් මෙහෙයවිම මහනගර සභාවේ වගකිම් යැයි පවසා සිටින්නේ මේ සදහා මුදල් අයෝජනය කරන ලද සංවාරක සම්පත් වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය විසිනි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අවස්ථා කිපයකදි රැස්විම්ද පවත්වා ඇති අතර එහිදිද මහනගර සභාවට මේ ව්‍යාපෘති අරභයා වු වගකිම් නිරන්තරයෙන්ම අවධාරණය කර තිබුණි.
අවසන් වශයෙන් මේ ව්‍යාපෘතිය විසින් 2013.03.12 වන දාතමින් නගරාධිපතිට සහ නාගරික කොමසාරිස් වෙත ලිඛිතව දන්වා ඇත්තේ මේ ව්‍යාපෘතිය එහි අරමුණු කරා ක්‍රියාත්මක වෙමින් ඇත්තේ කෙසේද යන්න ගැන 2013.03.27 වන දිනට පෙර ලිඛිතව දන්වා එවන ලෙසයි.
ඒ අනුව මීගමුව කොටුව පිට්ටනිය සදහා රු ලක්ෂ 400 ක් වැය කරමින් ඉදිකර ඇති මාළු වෙළද මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සංචාරක ව්‍යාපාරය නගා සිටුවිම සදහා ක්‍රියාත්මක කළ යුත්තේ මීගමුව මහනගර සභාව විසින් බව ඉතා පැහැදිලි ලෙසින් ඔප්පු කර ඇත.
2013 මැයි 9 වනදා මීගමුව මහනගර සභාවට යෝජනාවක් ගෙන එමින් හිටපු විපක්ෂ නායක රොයිස් විජිත අසා සිටියේද මෙම ව්‍යපෘතියේ තත්වය ගැන මහජන නියෝජිතයන් දැනුවත් කරන ලෙසය.
නගරාධිපතිවරයා කළේ මේ යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුලත් කිරිමය.
ඉතින් මෙහි ඇති වරද කුමක්ද?
ඇමති නිමල් ලංසා මීට එරෙහිවිය යුතුද?
එසේ එරෙහිවන්නට ඇති පදනම කුමක්ද?
එය එසේ නම් සංචාරක සම්පත් වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය විසින් මහනගර සභාවට ලිපියක් එවද්දි ඒ ලිපිය එවා ඇති සහකාර අධ්‍යක්ෂක ලොකු බාලසුරිය මහතාට අම්මට යැයි කියමින් තර්ජනය කළයුතු නොවේද??
අඩෝ බාලසුරිය මේ වැල්ල අයිති අපේ පල්ලියට ඩෝ මොන පුන්ඩෙටද අපට හදල දුන්න මාළු කඩේ ගැන අහන්නේ අපි ලියයි ඕවට උත්තර බලන් ඉදපන් යයි කිව යුතුව තිබුනි.

එහෙත් ඇමති ලංසා හෝ ඔහුගේ සෙවනේ කිකරුවට කටයුතු කරන කිසිවෙකුත් එසේ  කියා නැත.
එසේ නම් මේ යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළු කිරිම සම්බන්ධයෙන් නගරාධිපතිට හෝ මේ යෝජනාව ගෙනඒම වෙනුවෙන් රොයිස් විජිත මන්ත්‍රිවරයාට හෝ බැන අඩගසන්නේ ඇයි???
එහි ඇත්ත හේතුව ඇත්තේ නිමල් ලංසා විසින්ම අවුලෙන් අවුලට යවා ඇති මේ වැඩපිළිවෙල ගැන මීගමුවේදි කථා කිරිම නවතා ලන්නටය.
දැන් එකක් පැහැදිලිය මෙම මාළු කඩේ වැල්ලවිදිය පල්ලියට බාර දි තිබුෙන් නම් ඒ ගිවිසුම් ප්‍රකාරව මෙවන් ලිපියක් යා යුත්තේ වැල්ලවිදිය පල්ලියටය පිලිතුරු ලිවිය යුතුව ඇත්තේ එහි පියතුමන් හෝ මිසම් සභාව විසිනි.
එසේ නම් මේ ගණුෙදනුව මැදට  පල්ලියක් පැමිණියේ කෙසේද ? ඒ අයට මේ සදහා අයිතිවාසිකම් කියන්නට ඇති නිතිමය අයිතිය කුමක්ද? එය සපයා දි තිබෙන්නේ අධිකරණයෙන්ද? නැතිනම් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද??
රාජ්‍ය හා ලක්ෂ 400 ගණුදෙනුවකට යාමට දේව රාජ්‍යයට නොහැකිය . හේතුව ඊට නිතිමය පුද්ගල භාවයක් නොමැති නිසාය දේව රාජ්‍ය යේ කාර්ය භාරය දෙවියන්ට සාමාන ලෙසින් මවා ඇති මිනිසාට දෙවියන්ට ආදරයෙන් සහ කිකරුව ජිවිත් විමය. එය ඉටුකර දිම වෙනුවෙන් ලෝකය පුරා පිහිටුවා ඇති කෝටියකටත් වැඩි දේවස්ථානයවල අරමුණ වන්නේ සංචාරක සම්පත් දියුණු කිරිමට කටයුතු කිරිම නොවේ.
දැන් අපි ආණ්ඩුපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන්ගේ භූමිකාව දෙසට හැරෙමු.
මාළු වෙළද මධ්‍යස්ථානයේ අයිතිය පිළිබදව කරුණු දක්වමින් කථා කළ රොයිස් විජිත මන්ත්‍රිවරයාට එරෙහිව කිසිදු වචනයක් කියන්නට ආණ්ඩුපක්ෂයේ එකම හෝ මන්ත්‍රිවරයෙක් එදා කටයුතු කළේ නැත.
ඉන් කියැවෙන්නේ රොයිස් විජිත මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කරන්නට යෙදුන සියළු කරුණුවලට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන් එකඟ බව හැරෙන්නට අන් කවරක්ද???
එය එස්ම වියයුතුව ඇත්තේ ඔවුන් ව ජනතාව විසින් පත්කර ඒවා ඇත්තේ බදුගෙවන මුදල් ඉතා ප්‍රශස්ත ලෙසින් හසුරුවා ලමින් පළාත් පාලන නිතියට අනුව සිය මන්ත්‍රිධුරයන් ක්‍රියාවේ යොදවනු පිණිසය.
ඒ අනුව ඔවුන් නගර සභාවට අයත් විය යුතු මාළු වෙළද මධ්‍යස්ථානය ගැන සිය එකඟතාවය පළකරමින් තමන් වගකිමට බැදි ඇත්තේ පල්ලියට නොව මීගමුව මහනගර සභාවට බව ක්‍රියාවෙන්ම ඔප්පු කළේය.
නගරාධිපතිවරයාෙග් වගකිම වන්නේ සිය මන්ත්‍රිවරුන් 25 දෙනාගේද සාමුහික සහය මත මහසභාවේ දේපල සුරකිමය.
ඒ නිසාමදෝ කිසිදු විරෝධයක් සංයුක්ත ලෙසින් සභාවට ඉදිරිපත් නොවුන පසුබිමක ජන්දයකටද නොගොස් ඊළඟ යෝජනාව කියවිම සදහා උපනගරාධිපති සාකවුල්ලා ට ආරාධනා කිරිමට නගරාධිපතිවරයා පියවර ගත්තේය.
ඔහු එය කියවා අවසන් වු සැනින් ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා එය ස්ථිරකරමින් අතක්ද එසවීය.ඔහු එසේ කළ බවට මුළු සභාව සාක්ෂි දරනු ඇත.
මේ අනුව මාළු වෙළද මාධ්‍යස්ථානය සම්න්ධයෙන් වසර ගණනාවක් පුරාවට පැවැති ගැටළුව මහනගර සභා පාලනය යටතට ගෙන පොලක් පවත්වාගෙන යෑමට එකම අයිතිය ඇති රජා්‍ය ආයතනය ලෙසින් මෙය ක්‍රියාත්මක කරවිමට ඉදිරියේදි පියවර ගත යුතුව තිබේ.
එහෙත් ක්ෂණයෙන් ක්‍රියාත්මක වු අදුර්ශමාන හස්තයක් විසින් සේපාල මොරවක නම් වු නාගරික මන්ත්‍රිවරයාව නැගිට්ටුවේය.
ඔහු නින්දෙන් මෙන් අසා සිටියේ කලින් යෝජනාවට ජන්දයක් ගත්තේ නැති නිසා ජන්දයකට යා යුතු බවය.
ඔහු ද මීගමුව මහනගර සභාවේ පැරණි අත්දැකිම් බහුල නාගරික මන්ත්‍රිවරයෙකි.තමන් පෙළෙන දරුනු දියවැඩියා රෝගි තත්වය නිසා පළාත් පාලන නිතිය පිලිබදව මතකය අවුල්ව ගොස් නැත්තේ නම් ඇරෙන්නට සේපාල මොරවක ජන්දයක් අවැසි යැයි ඉල්ලා සිටිය යුතු නැත.
එහි ඇත්තේ ඉතා සරල තර්කයකි.
විපක්ෂයේ යෝජනාවට කිසිවෙකුත් විරුද්ධව අදහස් පළ කළේ නැත.ඒ කියන්නේ කිසිවෙකුත් විරුද්ධ නැති බවය.
තවත් එක් කරුණක් සදහන් කළ යුතුව ඇත. එනම් විපක්ෂ මන්ත්‍රි වෛද්‍ය හෙන්රි මන්ත්‍රිතුමා පල්ලියේ ඉතිහාසය ගැන කියමින් පාරම්පාරිකව මාළු විකිණිමට පල්ලිය කටයුතු කර තිබුනේ යැයි කියන අදහසි. එහෙත් ඔහු පවා ඉතා පැහැදිලිව කියා තිබුනේ තමන් මේ යෝජනාවට විරුද්ධ නැති බව යැයි අප විසින් ඔහුගෙන් විමසා සිටි අවස්ථවේදි අපට දිවුරා පොරොන්දු වෙමින් පවසා සිටියේය.
ඔහුගේ මේ ඉතිහාස කථාවට ඉතාම කදිම පිලිතුරක් විපක්ෂ නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු විසින් සපයා තිබුණි ඔහු කිවේ ඉතා සරල කරුණකි.
එහි හරය මෙවැනිය.
මේ පළාත් පාලන ආයතන ව්‍යුහයන් ගොඩනැගෙන්න කලින් ගම්වල පාරවල් වල විවිධ අය බදු මුදල් හෝ කප්පම් ගැනිම් සිදුකරන්නට ඇත.එහෙත් නගරයක් පාලනය කිරිම සදහා අදාල ව්‍යුහයන් ස්ථාපිත වීමෙන් පසු කප්පම්කරුවන් හෝ වෙනත් අය විසින් සිදුකරගෙන ගියාවු සියළු ක්‍රම අහෝසිව ගොස් කිසියම් නිති රෙගුලාසි යටතට ඒවා ගැනිමේන් පසු තවදුරටත් පරණ පුරුදු වලංගු නැත .ඒවා අහෝසිව යන්නේ ඉබේටමය.
ඒ අනුව 1950 තරම් වු ඈත කාලයක මීගමුවට පළාත් පාලන ආකෘතියක් ස්ථාපිත විමෙන් පසු පාලත් පාලන කරුණු අරභයා පල්ලිය හෝ ගමේ ගණන්කාරයෙකුගේ හෝ භූමිකාව ආහෝසි වි යා යුතුය.
මේ සියළු කරුණු සැලකිල්ලට ගත් කළ සියළුම මන්ත්‍රිවරුන් ගේ එකඟතාවය පලවු යෝජනාවකට ඇයි මේ  ඇයි ජන්දයක්….?
රොයිස් විජිත මන්ත්‍රිවරයා මහ සභාවට ඒ හේතුවද අවසාන වශයෙන් පැහැදිලි කර සිටියේය.එනම් මේ පිටුපස අදුර්ශමාන හස්තයක් තිබෙන බවය.
මේ ජන්දයකට යෑම සදහා වු යෝජනාව ඒ සභාවේ සිටි එකදු මන්ත්‍රිවරයෙකුගේ නොවන බව  අවිවාදයෙන්ම පිළිගත යුතුව ඇත . එසේ නම් මන්ත්‍රිවරුන් ව බලහත්කාරයෙන් ජන්දයකට යැව්වේ කව්ද?? ඒ ඇයි??
මේ සදහා පිළිතුරු සපයාගැනිමේ වගකීම අපි මීගමුවේ බදුගෙවන ජනයා වෙත පවරා සිටිමු.
අපගේ අවධාරණය-
මීගමුව අද පත්වෙමින් ඇති  අර්බුදය හමුවේ එයට අදාල දෑ මේ පළාතේ සිටින බදුගෙවන ජනයා වෙතට ගෙන යා යුතුව ඇත. එහෙත් අවාසනාවකට වෙනත් කිසිදු මාධ්‍යයක් එසේ නොකරන පසුබිමක ඒ තනිබර අපට ම ගන්නට සිදුව ඇත.
අප කරන්නේ මේ සංවාදය ජනතාව අතරට ගෙන යාමය. මෙහිදි  අප මතු කරන කරුණු වලට කව්රුන් හෝ එකග  නොවන්නේ පදනම් සහිතව ඉදිරිපත් කරන්නේ නම් අප ඒවාද පළ කිරිමට බැදි සිටින්නෙමු.
මේ නිසා පටු වාසි තකා පල්ලිය අපට එරෙහිව උසි ගැන්විම හෝ මීගමුව තුල දැනට ක්‍රියාත්මක මන්නා පිහි බල ඇණිය අප කරා  එවා අපේ අත් කපන්නට කටයුතු කිරිම මීට පිළිතුර නොවේ.
යහපාලනය හැදෙන්නේ තොරතුරු දැනගැනිමට ජනයාට ඇති අයිතිය පුළුල් වන තරමටය.කිසිවෙක්  තමන්ගේ බලය අයුතු ලෙසින් යොදානොගන්නේ නම් ඇත්ත මහජනතාවට දැනගැනිමට ඇති අයිතියට එරෙහි වන්නේ ඇයි?