ආදාහනය කිරිමට මිගමුවට ගෙනා මළ සිරුර සීදුවට හරවා යැව්වේ ඇයි ?

0
90

කොරෝනා වැළදිමෙන් මිය ගොස් තිබුණ අයෙකුගේ මෘත දේහයක් මිගමුව පෙරියමුල්ලේ සුසාන භුමියට මිට සුලු මොහොතකට පෙර ගෙනවිත් තිබුණද ආදාහනය කිරිමට ඉඩලබා දිය නොහැකි යැයි නගරාධිපතිවරයා පවසා සිටිම නිසා මහජන සෞඛ්‍ය නිළධාරින් මෙන්ම අදාල පාර්ශවයන්ද මහත් අසරණ තත්වයකට පත්ව ඇති බැව් වාර්තා වේ.
මේ සුසාන භුමියේ පිහිටි ආදාහනාගාරය ගිනි ගෙන විනාශ වි තිබිම නිසා අලුත් ආදාහනාගාරයක් ඉදිකර තිබුනද එය තවමත් විවෘත කර තිබුනේ නැත.නගාරධිපති දයාන් ලංසා මේ මෘත දේහය ආදාහනය කිරිමට ඉඩ ලබා දි නැත්තේ ඔහු විසින් තවමත් එය විවෘත කර නැති නිසාදැයි මිපුර අමතා අදහස් දැක්වු නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.
මේ තත්වය තුල මහත් සේ අසරණ වු ඇති අදාල සියලු පාර්ශවයන් මෘත දේහය සීදුවට ගෙන යාමට සුදානම් වන බැව් වාර්තා වේ.
මේ මෘත දේහය මැදපෙරදිගදි කොරෝනා වැළදිමෙන් මිය ගිය අයෙකුගේ බව සැලය