ආනාරක්ෂිතව සිසුන් පවවාගෙන යන මීගමුවේ ත්‍රිරෝද රථවලට එරෙහිව පොලිසිය නිහඩ ඇයි ??

0
99

3 weel accidentඇල්පිටිය වලහේන ප‍්‍රදේශයේදී අද (28) පාසල් සිසුන් 13 දෙනකු ගමන් ගත් ත‍්‍රී රෝද රථයක් ටිපර් රථයක පිටුපස ගැටීමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් නව දෙනකු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව ,ලංකාදිප වෙබ් අඩවිය  වාර්ථා කර සිටි.

ත‍්‍රී රෝද රථයේ රියදුරා ඇතුළු සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කළ බවද එහි සදහන්ය.

පාසැල් දරුවන් මෙසේ අනාරක්ෂිත රැගෙන යන ත්‍රිරෝද රථ ලංකාවේ සෑම නගරයක දැකිය හැකිය.
විශේෂයෙන්ම මීගමුවේද මෙම මරාන්තික වැරැද්ද ත්‍රිරෝද රථකරුවන් සහ දෙමව්පියන් සිදුකරමින් සිටි.
මේ පිළිබදව අවස්ථා ගණනාවකදිම අප විසින් මේ ප්‍රශ්ණය මතුකර තිබුනේ පොලිසිය මේ ගැන ක්‍රියාත්මක වන්නේ මාරාන්තික අනතුරක් සිදුවු පසුද යන්න ගැන අප නිරන්තරයෙන්ම මතුකර සිටියෙමු.
මෙසේ අනාරක්ෂිත ලෙසින් සිසුන් අධික ප්‍රමාණයක් රැගෙන යන ත්‍රිරෝද රථවලට එරෙහිව වහාම පියවර ගත යුතුව තිබේ.
ඡායා-ලංකාදිප