බදු ගෙවන ජනයා දිනපතා අප අමතා මේ වංචා දුෂණ ගැන කියන්නට පටන්ගෙනය.
අප මීට දින කිහිපයකට ඉහතදි පළකරන ලද පුවතක් වුයේ ආපන ශාලාවක් වෙනුවෙන් ඉදිකරන්නට යෙදුන ගොඩනැගිල්ලක් දැන් ජාත්‍යන්තර පාසැලක් බවට පත්කිරිමට යන බවය.
නගර සභාවේ තාක්ෂණික නිළධාරියෙකු විසින් අදින්නට යෙදුන මෙහි ගෘහ නිර්මාණ සැලැස්ම දැන් පාසැලක් කිරිමට යන වැඩසටහන පිටුපසද මහනගර සභාවේ තාක්ෂණ නිළධාරිණියක් සිටින බවට රාවයක් පැතිර යමින් තිබේ.
තවමත් ආපන ශාලාවක් ලෙසින් නගර සභාවේ අනුමැතිය ලබා ඇති මේ ගොඩනැගිල්ල ජත්‍යන්තර පාසැලක් කිරිමේ මෙහෙයුම ඉදිරියේදි ක්‍රියාත්මක විමට නියමිතය.