ආප්ප විකුණ ගන්න අවසර නැති මිගමුවේ දැන් බුකිත් ඇරලා?

0
119

පෙරියමුල්ලේ ජුඩ් කියන්නේ සටන්කාමි සමාජ ක්‍රියාකාරිකයෙක් .සෙරමික් එකේ හිටපු ශක්තිමත් අරගලකාරයෙක්.ඒ විතරක් නෙමේ ඒ කාලේ නව සම සමාජ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් .

දැන් ජුඩ්ගේ ජිවිකාව තමයි කේටරින් රස්සාව .ඊට අමතරව පහුගිය කාලේ ජුඩ්ල වැල්ලවීදියේ පල්ලිය ලග හැමදාම හවසට උණු උණු ආප්ප විකුණුව .

ජුඩ්ගේ ආප්ප වෑන් එක

දැන් කාලෙක ඉදන් ජිවත් වෙන ආදායම් මාර්ගය නැවතුනා මේ නිරෝධායන ඇඳිරිනීතිය හින්ද.

ජුඩ් සහෝදරයා

මොකද ආණ්ඩුව කිව්වේ අත්‍යවශ්‍ය තැන් විතරයි අරින්න අවසර දිල තියෙන්නේ කියල.එහෙම කියපු උන් ඔන්න බොලේ නොකර සද්ද බාර් අරින්නත් පටන් ගත්තා.

ඒ විතරක් නෙමේ දැන් මිගමුවේ බුකිත් ඇරලලු.

ඉතින් ජුඩ් අද උදෙන්ම ගියා මිගමුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට.ගිහින් ලේකම් නෝනාගෙන් අවසර ඉල්ලුවේ ආප්ප විකුණගන්න ඉඩ දෙන්න කියල.ප්‍රා.ලේ නෝනා කිව්ව ඒ ගැන දැන් කටයුතු කරන්නේ පොලිසියෙන් හින්ද එහෙට යන්න කියල.

ජුඩ් ගිහින් මිගමුවේ මූලස්ථාන පොලිස් පරික්ෂක තැනව හමුවුනා එයාට කිව්වා තමන්ට හවසට ආප්ප ටික දාගන්න අවසර දෙන්න කියල.

ලොකු මහත්තයා කියපි එහෙම බෑ අත්‍යවශ්‍ය ඒවට විතරයි පුලුවන් කියල .

ඉතින් ජුඩ් කිව්වා මනුස්සයන්ට කන්න දෙන දේවල් අත්‍යවශ්‍ය ඒව නෙමේද කියල.ජුඩ් මෙහෙමත් ඇහැව්වා .සර් එතකොට බාර් අත්‍යවශ්‍ය ඒවද? ඒ විතරක් නෙමේ මිගමුවේ දැන් බුකිත් ඇරලා.සර් ජීප් එක අරන් මිගමුවේ රවුමක් ගියොත් බලාගන්න පුලුවන්.

පොලිසියේ ලොකු මහත්තයාට ටිකක් මළ පැන්නා.ඇයි ජුඩ් අහපු ප්‍රශ්⁣නෙට ලොකු මහත්තයා වුනත් ඇඹරෙනවනේ.( බාර් කතාව කිව්වම පොලිසියේ මහත්තුරුන්ට කොහොමත් දැන් තරහ යනවා .දැක්කනේ අර කොටුවේ සුළු ව්‍යාපාරිකයන්‌ට පාට් දාපු ලොක්කා. UN ගිහින් ඉන්න ජනපතිවත් පච කළා උපරිමයෙන් )

ලොකු මහත්තයා ජුඩ්ට කිව්වලු හරි ඒව මට උගන්නන්න එපා මම ඒවා වහගන්නම් හැබැයි තමුන්ට ආප්ප විකුණන්න නම් දෙන්නේ නැ කිව්වලු.

ජුඩ් පලවෙනිදා වෙනකන් ආප්ප නොදා ඉදයි හැබැයි දැන් ජුඩ්ට පොරොන්දු වුන විදියට අත්‍යවශ්‍ය නොවන බාර්,රේස් බුකි වහන එක ලොකු මහත්තයා භාරගත්ත වැඩේ.මොකද ජුඩ් කියන්නේ මිගමුවේ පොලිසියේ ලොකු මහත්තයාට විතරක් නෙමේ පොලිස් ඇමතිට වුනත් කෙලින් ඇත්ත කථා කරන්න බය නැති රියල් පුරවැසියෙක්.(යටත් වැසියෝ අති බහුතරයක් ඉන්න මිගමුවේ ජුඩ් කියන්නේ පොරක් )

ජුඩ් දැන් දවස ගානේ බලනවලු පොලිසියේ ලොකු මහත්තයා බාර් වහල රෙස් බුකි වහල නීතිය අකුරට ක්‍රියාත්මක කරන හැටි.

ජුඩ් කියන්නේ ඇත්ත වෙනුවෙන් බෙල්ල ගහල ගියත් ඒවට කතාකරන හෑබෑ චරිතයක්.අපිත් බලන් ඉන්නව ජුඩ්ට දුන්න පොරොන්දුව මිගමුවට අලුතින් ආපු පොලිස් ලොකු මහත්තයා කරනවද කියල…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here