ආයුර්වේ ද ඔසුසල් නවීකරණයට නව නීති – සෞඛ්‍ය අමාත්‍ය

0
63

img005ආයුර්වේද ඖෂධ අළෙවිසල් ප්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යාම සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹ අවට හා පිට පළාත්වල පවත්වාගෙන යන බොහෝ ආයුර්වේද ඖෂධ අලෙවිසල් ඉතාමත් අපිරිසිදු  තත්ත්වයක පවතින බවත් ඖෂධ නිපදවීමට අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නා සහ කසාය සඳහා යොදා ගන්නා
ඖෂධ වර්ග බිමදමා තිබීම නිසා දූවිලි බැදීමෙන් ඒවයේ ගුණාත්මකභාවය මෙන් ම සෞඛ්‍යයට ද අහිතකර බවත් අමාත්‍යවරයා පැවසී ය.

මේ නිසා බටහිර ඖෂධ අලෙවි කරන ඔසු සැල් මෙන් ආයුර්වේද ඖෂධ වෙළෙඳසල් ද පවත්වාගෙන යාම සඳහා  අවශ්‍ය නීති ඉක්මනින් ම ගෙන ඒමට පියවර ගන්නා බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසි ය.


news.lk