කැළණි ගඟ ඇතුළු ගංගා කිහිපයක ජල මට්ටම යලි ඉහල ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැලණි ගගේ නාගලගම්වීදිය මාපකයේ අද උදෑසන ජල මට්ටම අඩි 3.35ක් දක්වා ඉහල ගොස් තිබේ.එහි පිටාර මට්ටම ලෙස සැලකෙන්නේ, අඩි 5ක ජල මට්ටම යි.මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගත වූ පැය 21 තුළ වැඩිම වර්ෂාපතනය කොළඹින් වාර්තා වූ බව ය.එය මිලිමීටර් 103ක අගයකි.මේ තත්ත්වය සමග කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් මේ වන විට ත් ජලයෙන් යට වී තිබේ.අප වාර්තාකරුවන් පැවසුවේ තුම්මුල්ල, ආමර්වීදිය, වැල්ලම්පිටිය ගෝතමී මාවත ජලයෙන් යට වූ ප්‍රදේශවලට අයත් වන බව ය.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයට ත් ඊයේ රාත්‍රියේ සිට තද වැසි ඇද හැළෙන බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ වර්ෂාපතනය සටහන් වන්නේ මිලිමීටර් 54.4ක් ලෙස ය.මේ තත්ත්වය සමග ගිං ගඟේ ජල මට්ටම ද මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ගිං ගඟේ සාමාන්‍ය ජල මට්ටම වන්නේ, මීටර් 1.6කි.නමුත් මේ වන විට එම ප්‍රමාණය මීටර් 3.3 දක්වා ඉහළ ගොස් තිබේ.ජල මට්ටම මීටර් 3.6 දක්වා ඉහළ ගියහොත් පහත් බිම් ජලයෙන් යට වීමේ අවදානමක් මතුවන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
එමෙන් ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ද මේ වන විට ජලයෙන් යට වී ඇතැයි අප වාර්තාකරුවෝ සඳහන් කළහ.
උපුටා ගැනීම – http://newsfirst.lk