ආයෝජන කලාපවල එන්නතකරණය පමාවිම අවදානම් ?

0
185

පසුගිය කාලය තුල රටපුරා ආයෝජන කලාපවලින් මෙන්ම විවිධ ප්‍රදේශවල ඇති ඇඟලුම් කම්හල් වලින් කොරෝනා ආසාදිතයන් වර්තාවිම සහ ඒ හේතුකොට ගෙන වේගයෙන් වෛරසය පැතිරයාම පසුගිය කාලය තුල සිදුවෙමින් තිබුනද බලධාරින් මේ ගැන ප්‍රමාණයවත් අවධානයක් යොමුකර තිබුනේ නැත.
ආයෝජන කලාපවල සේවක වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින සංවිධාන මේ අවදානම ගැන නිරන්තරයෙන්ම අදල බලධාරින් දැනුවත් කර තිබුන අතර මාධ්‍ය ඔස්සේද මේ අවදානම් තත්වය ගැන කරුනු ඉදිරිපත් කර තිබුණි

කොළඹින් පිට ආයෝජන කලාපවල සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම යුද හමුදාවේ වෛද්‍ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (25) ආරම්භ කරනු ලැබූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පවසා තිබුණි

මේ අනුව මුලතිව් කිලිනොච්චිය ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආයෝජන කලාපයන්හි සේවක සේවිකාවන්ටද කොග්ගල හා සීතාවක ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ටද එන්නත් ලබාදීම පසුගිය 25 වෙනිදා ඇරඹූ බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළ බවද එහි සදහන්ය

කටුනායක ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ටද කොරෝනා මර්දන එන්නත් ලබාදීම ඉදිරියේදී අරඹන බව පැවසූ ශවේන්ද්‍ර සිල්වා මහතා ආයෝජන කලාපයන්හි කොරෝනා අවදානම වැළැක්වීම මෙම එන්නත්කරණයේ අරමුණ බවද සඳහන් පවසා තිබේ