ආර්ෆිකෝ එක අසල මාර ගස කැපුවේ ආර්ෆිකෝ නාමපුවරුව නොපෙනුන නිසාද ?

0
124

arpicoපසුගිය  (13දා)   ආර්පිකෝ  ආයතනය  අසල  තිබුණු    විසල්  ගස  කපා ඉවත්කරගෙන  ඇති අතර  එහි  මුල්  කොටස   එම  ගසේ  අතුවලින්  වසා තිබුණි.
මේ ගැන අවට සිටි අය කියා සිටියේ   මාර්ග  සංවර්ධන  අධිකාරියෙන්   ගස කැපූ බවයි.  අප  මේ පිළිබදව  මාර්ග  සංවර්ධන  අධිකාරියේ   නිළධාරි මහතෙක් කියා සිටියේ   මෙම  ගස පිළිබදව  පැමිණිලි  රාසියක්  ලැබුණු  හෙයින්   සහ  ගසේ  මැද  කොටස  දිරාපත්ව ඇති  බැවිනුත්  දැවසංස්ථාව  විසින්  ගස  කපා ඇති බවයි
මේ පිළිබදව අප මිගමුව පොලිසියේ රථවාහන අංශයේ නිළධාරි මහතෙකුගෙන්ද විමසා සිටි අවස්ථාවේ කියා සිටියේ ගසේ තැන් කිපයක් දිරා ඇති බවය.
මේ  ගැන  ප්‍රාදේශීය  ලේකම්   තුමාගෙන්  විමසූ විට  තමා  ඒගැන  නොදන්නා  බවත් ,   ඊට  අදාල   හේතු  සාධක මත  මෙවැනි   ගස්  කැපීමේ  බලය    මාර්ග  සංවර්ධන  අධිකාරියට  ඇතිබවත්,ඔහු  ප්‍රකාශ  කරන ලදී.

කෙසේ වෙතත් මීගමුව   නගරයේ   වසර  ගනනාවක්  පැරණි    ගස්  කැපීම  ප්‍රවණතාවයක්    ලෙස  සිදුවෙමින් තිබීමයි.  ඒ සදහා  විවිධ  හේතුද   ඉදිරිපත් වෙමින් තිබේ.
එහෙත් මෙහිදි මතුවෙන ගැටළු රැසකි.
මෙසේ පාරවල් දෙපස මාරගස් වැවිමට ප්‍රධාන හේතු ගණනාවක් තිබිය හැක.හේතුවක් ඇතිව පාරවල් දෙපස මෙසේ ඉදිකර ඇති දැවැන්ත ගස් ඉදිකරන ලද හේතුව නඩත්තු කිරිමට නම් ඇත්ත වශයෙන්ම අදාල බලධාරින් විසින් කළයුතුව ඇත්තේ එකි ගස් නිසි අයුරින් නඩත්තු  කිරිමය.එහෙත් අවාසනාවක මහත වන්නේ ගස් ගැන ඇත්ත ආදරයක් නැති නිළධාරින් බහුතරයකින් සමන්විත පසුබිමක වෙනත් අයෙකුගේ ව්‍යාපාරික උවමනාවක් වෙනුවෙන් මේ ගස් ඉවත් කිරිම ඉතාමත් පහසු වන බවය.
ආර්ෆිකෝ එක අසල මාර ගස ඉවත් කරගැනිම නිසා  දැන් එහි නාමපුවරුව ඉතාමත් හොදින් ඇතට දිස්වෙන්නට පටන් ගෙන තිබේ.
ඒ අසලම ඇති තවත් ව්‍යාපාරික ස්ථානයක්ද දැන් කදිමට නිරාවරණය වි තිබේ..
මීගමුව තුල මේ වර්ධනය වෙමින් ඇති තත්වය ගැන මීගමුවටත් පරිසරයටත් ඇත්තටම ආදරයක් ඇති අය වඩාත් අවධානයෙන් සිටිය යුතු පසුබිමක් දැන් මතුව තිබේ.