රටේ ආර්ථිකය සුද්දන් මත විශ්වාසය තබාගොඩනගන්නට යන රාජපක්ෂ සිහිනය පසාරුකරගෙන යන එක ඊයක් වෙයි.
ඒ මේ රටේ නිතියේ ආධිපත්‍ය බිද වැටි දේශපාලන හෙංචයින් මෙන්ම ඔවුන්ගේ හයිය ලබන ඇතැම් රාජ්‍ය නිළධාරින්ද වංචා දුෂණ කිරිම සිය අංක එකේ රාජකාරිය බවට පත්කරගෙන සිටිමය.
මේ යථාව මනාව පිළිබිඹු කරනු ලැබු එක් සිදුවිමක් පසුගිය දිනක තංගල්ලෙන් වාර්ථා වි තිබුණි.
හෝටලයක් ඉදිකිරිම අරමුණු කොට ගෙන මෙරට පැමිණ සිටි රැසියන් ජාතිකයෙකු තංගල්ල ප්‍රදේශයෙන් ඉඩමක් මිළට ගෙන තිබණි.
නමුත් ඔහුට එහිදි බරපතල වංචාවක් සිදුකර තිබුන පිරිසක් විකුණා තිබුන ඉඩම ව්‍යාජ එකක් විය. පසුව දැනගන්නට ලැබි ඇත්තේ එය සුසාන භූමියකට සම්බන්ධ එකක් බවය.
ඉන් සැත්තැවුලට පත්ව ඇති මේ රැසියන් ජාතිකයා පසුගිය දිනක කටුනායකට නුදුරු ප්‍රදේශයේ හෝටලයකදි ගෙල වැල ලාගෙන මිය ගොස් තිබුණි.
ඔහුගේ දේහය තවමත් මීගමුව රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇත.