ආසියාවේ උසම ගොඩනැගිල්ල ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට අත්සන් තැබේ.

0
230

The World Capital Centre (WCC)  විසින් ඉදිකිරීමට නියමිත ආසියාවේ උසම ගොඩනැගිල්ල මෙරට ඉදිකිරීම සදහා වන ගිවිසුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග මේ වන විට එම සමාගම විසින් අත්සන් තබා තිබෙනවා. ඒ අනුව මෙම ගොඩනැගිල්ල ආසියාවේ උසම ගොඩනැගිල්ල වනු ඇති අතර ලෝකයේ උසින් 9වන ස්ථානය ලබාගනු ඇති.

ලෝක ප්‍රසිද්ධ සමාගමක් වන WCC ආයතනය මෙරටදී ඉදිකිරීමට නියමිත මේ නිවුන් ගොඩනැගිල්ල තට්ටු 117කින් සමන්විත වන අතර එය කොළඹ වානිජ නගරය කේන්ද්‍රකරගනිමින් ඉදිකිරීමට නියමිතය. එම ගොඩනැගිල්ලේ ගෘහස්ත ඒකකයන් 1200ක්,හෝටල් කාමර 2000ක්,වෙලදසැල් 3000ක්,මොටර් රථ 5000ක් නැවැත්වීමට හැකි රථගාලක් ,WCC තරු 7 හෝටලයක්, සුඛෝපභෝගී පිහිනුම් තටාක 20ක්, ලොව වේගවත්ම විදුලි සෝපානය, අවට සිරි නැරඹිය හැකි ස්ථානයක්,මෙන්ම හෙලිකොප්ටර් නැවැත්විය හැකි ස්ථානයක්ද මෙම ගොඩනැගිල්ලට ඇතුලත් බවයි වාර්ථා වන්නේ.

image_1498887070-cfd17f3924


 

 

www.dailymirror.lk ඇසුරිණි.