ආසියාවේ ගුවන් සේවා මධ්‍යස්ථානයක් බවට ශ්‍රීලංකාව පත් කරනවා – රජය පවසයි

0
235
ආසියානු කලාපය තුල සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රීලංකාව පත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
මේ සදහා ගුවන් ගමනාගමන පාලකවරුන් හා ගුවන් නියමුවන් තාක්ෂණික සේවාවන් දියුණු කිරීම සදහා ගුවන් හමුදාවට  පත්කලයුතු බවත් පැවසූ අමාත්‍යතුමන් ගුවන් යානා අළුත්වැඩියා කිරීමේ හා අනෙකුත් තාක්ෂණික සේවාවන් මෙරට තුල දියුණු කල යුතු බවත් වැඩි දුරටත් සදහන් කලේය.
එතුමා මෙම අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 66වන සංවත්සරයට සහභාගී වු අවස්ථාවේදීයි. ගුවන් හමුදාව ඔහුන්ගේ සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කල යුතු බවත් ඔවුන්ගේ සාම්ප්‍රදායික රාජකාරියට අමතරව තවත් ආර්ථිකයට හා සිචාරක කර්මාන්තයට බලපාන ආකාරයේ සේවාවන් වෙත ඔවුන් යොමු විය යුතු බවටද යෝජනාවක් මෙහිදී අමාත්‍යතුමන්ගෙන් ඉදිරිපත් විය.
dc-Cover-ihj1tnrpl3svr2d6upc4v87oq4-20160615145138.Medi