ආහාර විෂවිමකින් නිදහස් වෙළඳ කලාප කම්කරුවන් රැසක් රෝහල් ගතකෙරේ!

0
113

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ  ආහාර විෂවිමකින් කම්කරුවන් 50 කට අධික පිරිසක් රෝහල් ගතකර ඇත.

මේ වන විටත් මිගමුව රෝහලට රෝගි තත්වයෙන් පසුවන කම්කරුවන් වාහන වලින් රැගෙන එමින් සිටින බව එහි සිටින අපගේ මාධ්‍යවේදින් කියා සිටිති.


කටුනායක  ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි සිකා ලංකා පුද්ගලික අයතනයේ සේවකයන්  පිරිස අද දින උදේ ආහාර ගැනිමෙන් පසුව බඩෙි ආමාරැ සැ⁣දිම හේතුවෙන් මිගමුව රෝහලට ඇතුළත් කරඇත

උදේ ආහාරයට පරිප්පු / සමිබොල /ගොව /සමග බත් ලබා දි ඇති අතර ආහාර සැපයිම සිදුකර ඇත්තේ කිං කේටරස් නම් ආයතනයක් විසිනි.

මෙම ආයතනයේ ඇගලුමි නිෂ්පාදනය කරන අතර සේවකයන් 400 පමන සේවය කරන බව වාර්තාවේ.