ඇගෙන් නොව මොළෙන් ඡන්ද කළ යුතු බව රනිල් යළි අවධාරණය කරයි!

0
88

ranil-800px-26-10-19දැන් රට හමුවේ විවර වෙමින් ඇත්තේ ඇගෙන් දේශපාලනය කර ජයගත හැකි යුගයක් නොවේ. මේ නුතන දේශපාලනය සමාජයට අද වැදගත් වන්නේ හොදින් සිතා බලා නිසි සැලසුම් නිර්මාණය කොට නුතන ක්‍රමයොදාගෙන මැතිවරණ කටයුතු වල නියැලිමටය.
එය ඉතා පැහැදිලිව පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පෙන්වා දි තිබේ.
ඥානසාර හිමි එළියට පැමිණිමත් පන්සල් 10000 න් 7000 ඉලක්ක කොට ගෙන ඡන්ද ව්‍යාපාරය දියත් කළ යුතු අන්දමත් ඒ ඒක පන්සලකින් ඡන්ද 1000 හැදිය යුතු බවත් ගලබොඩඅත්තේ හිමියන් කියා සිටියේ පසුගිය ජුලි මාසයේදිය.
ගෝඨාභය රාජපක්ෂ මෙවර ඡන්ද 69 ලක්ෂයක් ලබාගෙන නව ප්‍රජාන්ත්‍රවාදි පෙරමුනේ අපෙක්ෂකයාව ලක්ෂ 55 හේ සිමාව රදවා තිබුණි.
පැරණි මැතිවරණ ක්‍රමය ගැන විශ්වාස තැබු සජිත් ප්‍රේමදාසට අත්වු පරාජයේ තරම කියා සිටින්නේ ඔහුට දේශපාලන සමාජයට මුුහුණ නොදි කොයිතරම් නම් කාලයක් සැගව සිටියේදැයි කියන කාලයත් සමගය.
පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පාක්ෂිකයන් හට සිය ස්තුතිය පළකිරිම සදහා පැවැති විශේෂ හමුවකදි එජාප නායක රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියේ ඡන්ද කිරිමට මොළේ පාවිව්චි කිරිම අත්‍යවශ්‍ය බව කියමිනි.
පැහැදිලිව එය සජිත් පිළ විසින් ඇගෙන් පමණක් දේශපාලනය කරන්නට ගොස් ඇණගැනිම ගැන කදිම පසුවිපරම් විග්‍රහයක්ද විය.