ඇඟළුම් කම්හලක තවත් ආහාර විෂවීමක්

0
457

අද (ජුනි 19)  දිනයේත් ඇඟළුම් කම්හලක ආහාර විෂවීමේ පුවතක් අපට වාර්ථා විය. ඒ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයට අයත් ස්ටාර් ගාමන්ට් ආයතනයේයි. මෙම සිදුවීම නිසා 140 දෙනෙකු පමණ රාගම, මිනුවන්ගොඩ හා සීදුව යන අවට රෝහල් වෙත ඇතුලත් කල බවත්, මේ වන විටත් එම රෝහල් වල 60 දෙනෙකු පමණ පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙලෙස විෂ වී ඇත්තේ ආයතනයට සැපයූ උදේ ආහාරයයි.පසුගිය කාලය තුල මෙලෙස ආහාර විෂවීමේ සිද්ධීන් කිහිපයක් වාර්ථා වූ අතර එවැනි සිදුවීම් වාර්ථා වන ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් තිබේ.මෙහි අවසනාවන්ත තත්වය වන්නේ මෙවැනි ආහාර විෂවීමක් හේතුවෙන් දැනටමත් එක් සේවිකාවක් මරණයටද පත්ව තිබිමයි.

එලෙසම වර්ථමානය වන විට කල්ඉකුත් වූ , පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග වෙළඳපොලට නිකුත්වීම් සම්බන්ද පුවත් නිතරම අපට වාර්ථා වන ප්‍රවණතාවයක්ද ඇති වෙමින් තිබේ. ඒ අතර පරිප්පු, සැමන්, හාල් වැනි ආහාර වර්ග සුලභව දක්නට ලැබේ.
ඒ නිසා මේ සිද්ධීන් දෙක අතර කිසියම් සම්බන්දයක් ඇත්දැයි යන සාධාරණ සැකයක් දැන් මතුවෙමින් තිබේ. විශේෂයෙන් මහා පරිමාණයෙන් ආහාර පිසින ස්ථාන වල එම කටයුත්ත නියමිත ප්‍රමිතියෙන් යුතුව සිදුවනවාද යන්න කල් ඇතිව හා  විධිමත් ලෙසින් පරීක්ෂණයක් සිදුකිරීම මෙහිදි සිදුව ඇතිද යන්න සැක සහිතය.
පසුගිය 2014 වසරේ සැප්තැම්බර් 9 වන දින නෙක්ස්ට් ආයතනයේ සිදුවූ ආහාර විෂවීමක් නිසා 48 හැවිරිදි කානතාවක් මිය ගිය පුවතක් අපට වාර්ථා විය.
දැන් ඒ සිරුර යළිත් ගොඩගෙන පරික්ෂණ කිරිම සදහා අධිකරණය විසින් අවසර ලබා දි ඇත.
අදාල මරණය සිදුවන්නට පෙර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අවධානයට අදාල ආහාර සැපයූ ආයතනය ලක්ව තිබුනේද?
මේ ආකාරයෙන් මහා පරිමාණයෙන් ආහාර පිසීමේ කටයුතු කරගෙන යන ආයතන ආහාර පිසීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්නේ කොහෙන්ද? එම වෙළදසැල් වල අලෙවි වන්නේ පරිහෝජනයට සුදුසු තත්වයේ එළවළු හා පළතුරු වර්ගද? මෙම ආහාර පිසින ආයතන තමන්ගේ ජල ප්‍රභවය ලෙස තෝරාගෙන ඇත්තේ කුමක්ද? එයට නියමිත ප්‍රමිතියක් ඇද්ද? වැනි කරුණු රාශියක් සම්බන්දව අදාළ බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතුය. එවිට වැඩි ලාභ ලබාගැනීමේ අරමුණින් පරිභොජනයට නුසුදුසු අමුද්‍රව්‍යයන් යොදා සිදුකරගෙන යන මෙවැනි ව්‍යාපාර හඳුනාගැනීමට ඔවුන්ට හැකි වනු ඇත.
මේ ආකාරයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දිගින් දිගටම තමන්ගේ වගකීම පැහැර හරින්නේ නම් අපට අසන්නට ඇත්තේ ඔවුන්ගේ ඇස් ඇරෙන්නට ආහාර විශවීම් හා ඒ නිසා සිදුවන මරණ කීයක් අවශ්‍යද යන්නයි.

 

IMG_20150410_120130-1024x768

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here