ඇඟිළි සළකුණ තබා ලංසාගේ ඡන්ද වැඩවලට යන නගර සභා සේවකයෝ කව්ද ?

0
55

මිගමු මහනගර සභාවේ කම්කරුවන් පිරිසක් සේවයට පැමිණ ඇඟිලි සලකුණ සටහන් කොට ඉන්පසුව නිමල් ලංසාගේ මැතිවරණ වැඩවලට යන බවට බරපතල චෝදනාවක් මේ වනවිට එල්ලවි තිබේ.

පසුගිය මැතිවරණ සමයේදි පවා මේ නීති විරෝධි කටයුතු සිදුව ඇති අතර නාගරික කොමසාරිස්වරිය විසින් මේ අයගේ වැටුප ලබාදිමද අත්හිටුවා ඇති බවද වාර්තාවේ

2016 මහනගර සභා භුමිය තුලදිම මාධ්‍යවේදියෙකුට පහර දුන් කල්ලියේ  ප්‍රධානියා වන තුෂාන් නැමැත්තා එදා සිටම මහනගර සභාවෙන් සිය වැටුප ලබාගෙන සේවය කරමින් සිටියේ ලංසා පවුල වෙනුවෙනි.

මෙවැනි දුෂිතයන් හට මාලිමා ආණ්ඩුව ගන්නා පියවර කුමක්ද යන්න ගැන මිගමු මහනගර සභාවේ සේවකයෝ මහත් උනන්දුවෙන් යුතුව බලා සිටිති.