ඇත්තටම චම්පිකලට මොකද වුනේ ?

0
64

 

            මෙදා පාර ආන්දෝලනාත්මක සිද්ධිය වුණේ චම්පිකට වෙච්ච නස්පැත්තිය.
සාමාන්‍යයෙන් චම්පිකලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ගල්ලෙන බිඳින්නම ,මෙදා සජිත් , ලකී දෙන්නා චම්පිකලාගේ ගල්ලෙන බින්දා කියලාත් සමහරු කියනවා. සමගි ජන බලවේගයත් සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම සජබේ විසින් ඒකපාර්ශිකව කඩ කරලා.එක්සත් ජනරජ පෙරමුණේ සාමාජිකයින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්නේ නැහැ කියලා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික  10 වෙනිදා , මාධ්‍ය හමුවක් කැඳවලා කිව්වා.තම පක්‍ෂයේ සාමාජිකයන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන සන්ධානයෙන් හෝ වෙනස් පක්ෂයක් සමඟ සන්ධානගතව හෝ තනිව හෝ තරග නොකරන බවට චම්පික කිව්වා. ඇත්තටම මොකද වුනේ.මේ තමයි කාටවත් අහු වුනේ නැති ඇත්තම කතාව.

           පසුගිය ජනාධිපතිවරණයේදී සජිත්ව ජනාධිපති කරවන්න බැහැලම වැඩ කරපු කෙනෙක් තමයි චම්පික. මොනවා වුනත් චම්පික කියන්නේ වැඩකට බැස්සාහම උපරිමයෙන් වැඩේ අදින මනුස්සයෙක් ඒ නිසාම ජනාධිපතිවරණය යන අතරතුරේදී ගොඩක් අය මානසිකව වැටිලා ඉද්දි, ගොඩක් අය  මැතිවරණය කර අරිද්දී චම්පික වැඩේ ඇදගෙන ගියා. ඒක කළේ සමගි ජන බලවේගය ඇතුලේ ඉන්න අයගේ කැපිලි පවා දරාගෙන.

එහෙව්  චම්පිකට සමගි සන්ධානයෙන් දොට්ට බහින්න වුනේ ඇයි කියන කාරණය දේශපාලනය ගැන උනන්දුවක් තියෙන හැමෝටම ප්‍රශ්නයක් වෙලා. ආරංචි විදිහට  සීන් එක මෙහෙමයි. පසුගිය ජනාධිපතිවරණය ආසන්න වෙද්දී චම්පිකගේ ජනරජ පෙරමුණයි සජිත්ගේ සමගි ජන බලවේගයයි අවබෝධතා ගිවිසුමකට අත්සන් කලා. ජනරජ පෙරමුණෙන් එහි මහලේකම් බන්දුල චන්ද්‍රසේකර ත සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ත් දෙන්නා තමයි අවබෝධතා ගිවිසුම අත්සන් කළේ.

ඒ ගිවිසුම අත්සන් කරන වෙලාවේ පිටිපස්සට හිටගෙන හිටියේ සජිත්, චම්පික පක්ෂ නායකයෝ දෙන්නා. ගිවිසුම අත්සන් කලාට පස්සේ පාඨලීලා ජනාධිපතිවරණ ව්‍යාපාරයට බැහැලම වැඩ කෙරුවා.
             ගිවිසුමේ තිබුණෙ මොනවද .අමතක කරන්න එපා, ඒ දෙගොල්ලෝ ගිවිසුමක් අත්සන් කලා

,ජනාධිපතිවරණය  ඉවර වෙනතුරු ඒ දෙගොල්ලොම ඒ ගිවිසුමට අනුව  වැඩ කළා.ගිවිසුමේ තිබුණේ මහ මැතිවරණයට දිස්ත්‍රික්ක 11 කට ජනරජ පෙරමුණෙන් ඒ කියන්නේ චම්පිකගේ පක්ෂයෙන් 11 දෙනෙකුට අවස්ථාව දෙනවා කියන එක. කොළඹ , ගම්පහ , කළුතර, මහනුවර, රත්නපුර, අනුරාධපුරේ, මාතලේ මඩකලපුව, බදුල්ල ,මොණරාගල සහ හම්බන්තොට තමයි ඒ දිස්ත්‍රික්11 . ඊට අමතරව ජාතික ලැයිස්තුවෙන් එක්කෙනෙකුටත් අවස්ථාව දෙනවා කියලා ඒ ගිවිසුමේ තිබුණා.

ඒ කියන්නේ චම්පිකගේ 12 දෙනෙකුට ඉඩකඩ හම්බවෙනවා කියන එක. ඒ අනුව චම්පිකලා වැඩ කරගෙන ගියා. මහ මැතිවරණය කැඳෙව්වට පස්සේ සජිත් චම්පිකට එන්න කියලා තිබුණා. ඔබතුමා මේ සැරේ ජාතික ලැයිස්තුවෙන් එන්න. මම කොළඹට තරග කරනවා. ඔබතුමා ලංකාව පුරාම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න, සජිත් ,රංජිත් මද්දුමබණ්ඩාරත් ලඟ තියාගෙන සජත් ,චම්පිකට එහෙම කිව්වා කියලා තමයි ආරංචි. චම්පික ඒ ඉල්ලීමට එකඟ වෙලා.ඒ අනුව හැමදාම උදේ 7.00 ට තිබුණ විශේෂ සාකච්ඡාවට චම්පික ඇවිත්.

හැබැයි එහෙම ආවට එතන චම්පිකට ලොකු රෝල් එකක් තිබිලා නෑ.කොටින්ම කිව්වොත් වැඩේ ෂෙයා කරලා තියෙන්නේ රංජිත් මද්දුම බණ්ඩාරයි, ලක්ෂමන් ⁣ෆොන්සේකායි. චම්පිකට කරන්න තිබිලා තියෙන්නේ ඒ දෙන්නගේ කතා අහන් ඉන්න එක විතරලු. හැබැයි වචනෙට පිටුපාන්න බැරි නිසා චම්පික වැඩේට දිගටම සම්බන්ධ වෙලා. හැබැයි ඔය අතරේ තමයි මහා මැතිවරණෙට අදාළ කටයුතු ආරම්භ වුනේ. මුලින් චම්පික 12 දෙනෙක් දෙන්න හිටියට ටික දවසක් ගියාට පස්සෙ දෙන්න පුළුවන් 07 යි කියලා සජබේ මහා ලේකම් කියලා. ඒකත් කියලා තියෙන්නේ හරිම අන් එතිකල් විදිහට .

මුලින්ම ගම්පහ අපේක්ෂකයාට ඉඩ දීලා . කළුතරින් යාන්තමට ඉඩක් ලැබිලා තියෙන්නේ බේරුවලට සිංහල බෞද්ධයෙක් දෙන්න කියලා අජිත් පෙරේරා ඉල්ලපු නිසාලු. ඒ පදනමින් තමයි කළුතර නාමයෝජනාවට ඉඩ ලැබිලා තියෙන්නේ.කරූ පරණවිතානට රත්නපුර අත්සන් කරන්න ලැබුණේ  ඔහු පසුගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක් නිසාලු.

චම්පිකලාගේ බේස් එකක් වෙච්ච නුවරවත් ඉඩක් ලැබිලා තිබුනේ නෑ. තීරණාත්මක ගැටුම ආරම්භ වෙන්නේ කොළඹ හා මාතලේ නාමයෝජනාත් එක්ක.කොළඹ අපේක්ෂකත්වය ලබාදෙන්න නියමිත වෙලා තිබුනේ ජනරජ පෙරමුණේ මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකරට ජනරජ පෙරමුණේ තරුණ අංශයේ ලේකම් තීක්ෂණ ගම්මන්පිලට මාතලේ දෙන්න යෝජනා වෙලා තිබුණා.

නාමයෝජනා සකස් කරන අතරෙදි හිටපු ගමන් තීක්ෂණ ගම්මන්පිලට මාතලේ ඉඩක් නැහැ කියලා මහ ලේකම් රංජිත් කියලා. චම්පිකගේ ප්‍රධානම ඉල්ලීමකට මුලින්ම පයින් ගැහුවේ එහෙමලු. හැබැයි අන්තිම මොහොත වෙනකම් චම්පිකලට ඒ බව දැනුම් දීලා නෑ.. ඊළඟට ඉතුරු වුණේ කොළඹ ලැයිස්තුව. පක්ෂ මහලේකම් බන්දුල චන්ද්‍රසේකරට මේ අවස්ථාව අනිවාර්යෙන්ම ලැබෙයි කියලා ජනරජ පෙරමුණ බලාගෙන ඉදලා. හැබැයි බන්දුලටත් වෙලා තියෙන්නේ තීක්ෂණට වෙලා තියෙන දේම තමයි. සජබේ ලාල් ,සිරිලාල් , මේයර්ගෙ පුතා කොළඹ ලැයිස්තුවේ ඉන්න නිසා බන්දුල චන්ද්‍රසේකරට ඉඩ දෙන්න අමාරුයි කියලා අන්තිම තත්පරයේදී මද්දුමබණ්ඩාර චම්පිකට කියලා. අන්තිමෙදි බැලින්නම් බන්දුලගෙ නම නැතුව සජබේ කොළඹ ලැයිස්තුව භාර දීලා. ඒ විතරක් නෙමෙයි ජාතික ලැයිස්තුවෙන් දෙන්න තිබුණු ඉඩත් ෂුවර් නෑ වගේ කතාවක් සජබේ මහ ලේකම් කියලා.

      චම්පිකලා රත්වෙයි. දේශපාලන මණ්ඩලයේ කැඳවයි. තමන්ට එරෙහිව අවසාන මොහොත දක්වා දියත් වුණ මේ දේශපාලන කුමන්ත්‍රණය පිළිබඳ සාකච්ඡා කරන්න ,චම්පික වහාම සිය දේශපාලන මණ්ඩලය ඊයේ 10 වෙනිදා කැඳවලා තිබුණා.අවසන් මොහොත දක්වාම සිදු වුන මේ අසාධාරණය එකින් එක ඔහු පැහැදිලි කරලා අපිට මුලින් 12 ක් දෙනවා කියලා එකඟ වුනා. අන්තිමේදී 07 ක් වුනා. 07 නුත් 02 ක් කැපුවා.

දැන් බලනකොට ලැබිලා තියෙන්නේ දෙන්නෙකුට විතරයි. අඩුම තරමින් අපිට 05 ක් වත් දෙන්න තිබුනා. මට විතරක් පාර්ලිමේන්තු යන්න ඕන කමක් නෑ. අපි සාමුහික තීරනයක් අර ගෙන මහා  මැතිවරණයෙන් අයින් වෙමු කියලා  චම්පික දේශපාලන මණ්ඩලයට යෝජනා කරලා. දේශපාලන මණ්ඩලය ඒ යෝජනාව ඒකමතිකව අනුමත කරලා. දේශපාලනය කියන්නේ දැති රෝදයක් .ඕක කැරකෙනවා. තමන්ට ඕන වෙලාවෙදි පාවිච්චි කරලා අනවශ්‍ය යැයි කියලා හිතනකොට අයින් කරන එන සජිත්ගේ දේශපාලනය වෙන්න පුළුවන්. හැබැයි කොයි මොහොතක හරි ඔය දැති රෝදය කැරකෙන කොට එයාලට කටුක වේදනාව අත්විඳින්න වෙනවා. ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙක් එහෙම කිව්වා කියලයි ආරංචි. 

(the leader TV හෙළිදරව්වකි )